බන්දුලගේ ගෙදරට පොලිසිය ගිහින්

  👤  3309 readers have read this article !
By mawbima 2017-09-13

චාමර අමරසූරිය

ලොතරැයිපත් මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ නිවෙසට ගොස් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (12දා) ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ලොතරැයි මුද්‍රණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර කරුණු අනාවරණය කර තිබිණි.
කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතාගේ නුගේගොඩ, ජම්බුගස්මුල්ල නිවෙසට ගොස් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවද උසස් පොලිස් නිලධාරියකු 'මව්බිම' කළ විමසුමකදී පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්