නව තානාපතිවරු තිදෙනෙක් ජනපතිට අක්තපත්‍ර බාරදෙති

  👤  3303 readers have read this article !
By mawbima 2017-09-13

පහන් විජේසේකර

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් කෙරුණු නව තානාපතිවරු තිදෙනකු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත සිය අක්තපත්‍ර භාර දෙනු ලැබීය.
එස්ටෝනියා ජනරජය, පේරු ජනරජය සහ තායිලන්තය සඳහා මේ නව තානාපතිවරුන් පත්කර තිබෙන අතර ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01Mr.Riho Kruuv Ambassador of the Republic of Easonia 
02 Mr.Jorge Juan Castabeda Mendez - Ambassador of Peru
03 Mrs.Chulamanee chartsuwan - Ambassador of Thailand
ඉතා ශක්තිමත් මිත්‍ර සබඳතා සහිත ජාතීන් අතර ආර්ථික සබඳතා සවිමත් කර ගැනීමෙන් ද්විපාර්ශ්වික මිත්‍රත්වයේ තිරසර බව සහතික කළ හැකි බව ජනාධිපතිවරයා මෙහිදී නව තානාපතිවරුන් අමතමින් ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය මෙන්ම ආයෝජන සහ සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් නව තානාපතිවරුන් කැපවී කටයුතු කරනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාස පළ කළේය.

අමාත්‍ය තිලක් මාරපන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, විදේශ කටයුතු අමත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්