කොළඹ වරායේ ජැටි දුන්නත් නැඟෙනහිර ජැටිය කාටවත් දෙන්නේ නැහැ

  👤  3244 readers have read this article !
By mawbima 2017-09-13

බද්දේගම ඕ. කමලනාථ, දිවිතුර - උපුල් මහෙෂ්, ඉමදුව - ටී. විතානවසම්
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය වරාය අධිකාරිය යටතේ තබා ගන්නා බව වරාය හා නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ බද්දේගෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පෙරේදා (11දා) පැවැති රැස්වීමක් නිම කර ආපසු යන අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

අමාත්‍යවරයා තවදුරටත් මෙසේද කීවේය.
කොළඹ වරායේ ජැටි දීලා ඉවරයි දැන්. දැනට අප සතුව තියෙන්නේ ජැටි දෙකයි. ඒ නිසා නැඟෙනහිර ජැටිය කාටවත් දෙන්නේ නෑ. ඒක වරාය අධිකාරිය විසින් සංවර්ධනය කරනවා. ඒ සඳහා වන මුදල් ප්‍රතිපාදන 2018 අයවැයෙන් වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අතිගරු ජනාධිපතිතුමා ස්ථිර පොරොන්දුවක් දුන්නා. ඒ පොරොන්දුව අනුව කටයුතු කරනවා. ඒ නිසා ඒක කාටවත් දෙන්නේ නෑ.

ඉදිරි දේශපාලන තත්ත්වය කිසි ගැටලුවක් නෑ. අපි ඕන වෙලාවක ඡන්දයට ලෑස්තියි. පළාත් පාලන මැතිවරණයද, පළාත් සභා මැතිවරණයද එන ඕනම මැතිවරණයකට අපි සූදානම් වෙලා ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ඉහළින්ම ජයග්‍රහණය කරා ගෙන යන්න අපි කටයුතු කරනවා.

සිල් රෙදි නඩුව බොහොම පැහැදිලියි. ඉතා අහිංසක නඩුවක්. මුදල නම් ටිකක් විශාල වැඩියි. කොහොම වුණත් ලංකාවෙම සිල්ගත් උදවියට සිල් රෙදි බෙදලා දීම බෞද්ධාගමික කටයුත්තක්. මම ඒකේ වරදක් දකින්නේ නෑ. උසාවිය කොහොම දැක්කත්, උසාවියට අපි අභියෝග කරන්නේ නෑ. ඒකෙ වරදක් දකින්නේ නෑ. ඒ නිලධාරීන් දෙන්නා නිරපරාදේ සිරගත වීම ගැන කනගාටුව
පළ කරනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්