පරිසර නියමු පදක්කම් ප්‍රදානය අද ජනාධිපති මන්දිරයේදී

  👤  3246 readers have read this article !
By mawbima 2017-09-13

පහන් විජේසේකර

පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් අද (13දා) ජනාධිපති මන්දිරයේදී පැවැත්වේ.
හත්වැනි වරට පැවැත්වෙන පදක්කම් ප්‍රදානයේදී දිස්ත්‍රික්ක 9කින් පාසල් 16ක් නියෝජනය කරමින් පරිසර නියමුවන් 40 දෙනකු ජනාධිපති පදක්කම් හිමිකර ගැනීමට සුදුසුකම් ලබා ඇත.

ඉතා සැලසුම් සහගත වැඩපිළිවෙළක් යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කරන මේ වැඩසටහනේ පදක්කම් 5ක් ලබා ගැනීම සඳහා පරිසර කඩඉම් ක්‍රියාත්මක වනු ඇත.

මධ්‍යම පරිසර අධිකාරියේ පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල යටතේ සේවය කරන ප්‍රාදේශීය පරිසර නිලධාරීන් පාසල් පද්ධතිය සමඟ සෘජු සබඳතාවක් පවත්වා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර මේ සඳහා පරිසර නියමු ගුරුවරු, පරිසර නියමු දිස්ත්‍රික් උපදේශකවරු, කොමසාරිස්වරුද ස්වේච්ඡා පදනම යටතේ කටයුතු කරනු ඇත.
ජනාධිපති පදක්කමින් පිදුම් ලැබූ යම් පරිසර නියමුවකුට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී විෂය සමගාමී බාහිර ක්‍රියාකාරකම් සඳහා වෙනම ලකුණු 4ක් හිමිවීමද මෙම වැඩපිළිවෙළේ
විශේෂත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්