රාජපක්ෂ පාර්ශ්වයට සිල් රෙදි වංචාවෙන් ලේසියෙන් ගැලවෙන්න බැහැ

  👤  3319 readers have read this article !
By mawbima 2017-09-13

අනුරාධා හේරත්

ලලිත් වීරතුංග යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හොරෙක්ද, ව්‍යවස්ථාවට පටහැනි හොරෙක්ද යන තැනට තර්ක කිරීම දක්වා 'සිල් රෙදි නඩුව' සංවාදයට ලක්වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පවසයි.
ලලිත් වීරතුංග රාජ්‍ය සේවකයෙක් නොවුණත් ඔහුට විදුලි සන්දේශ හා නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600ක් ලබාගෙන සිල් රෙදි බෙදිය හැකිදැයි හේරත් මහතා ප්‍රශ්න කළේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර වුවත් ජනාධිපති ලේකම්වරයකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කළ නොහැකි සේම ඔහුට ජාත්‍යන්තර නීතිය හෝ කඩකළ නොහැකි බවත් ලිඛිත නීතියට අනුව කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙන මන්ත්‍රිවරයා කියා සිටියේ රාජපක්ෂ පාර්ශ්වයට ව්‍යවස්ථාවට පිටින් වරද පටවාලා මේ වංචාවෙන් ගැලවිය නොහැකි බවය.

හිටපු ජනාධිපතිවරයා පවසන පරිදි මේ සිල් රෙදි බෙදීමේ ක්‍රියාවලිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් අනුව ක්‍රියාත්මක වූවා නම් එය අයවැය ලේඛනයට ඇතුළත් විය යුතු බවත් අයවැය ප්‍රකාශවල එවැනි යෝජනාවක් නොමැති බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

නමුත් එම ව්‍යාපෘතිය යෝජනාවක් ලෙස අවම තරමින් විදුලි සන්දේශ හා නියාමන කොමිෂන් සභා යෝජනාවක් ලෙස හෝ සඳහන්ව නොමැති බව අධිකරණයේදී ඔප්පු වූ බවත්, අධිකරණ ක්‍රියාවලිය යන අතරතුර හෝ එම වගකීම රාජපක්ෂ මහතා විසින් භාර නොගත් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ ඊයේ (12දා) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙක් විසින් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්