දිය නෑමට ගිය සිසුවා අසල්වැසි නිවෙසක එල්ලී මැරිලා

  👤  3254 readers have read this article !
By mawbima 2017-09-13

උහන - එස්.එම්. ආරච්චි

දමන පොලිස් බල ප්‍රදේශයට අයත් මඩවලලන්ද ගම්මානයේ පාසල් සිසුවකු වසා දමා තිබූ නිවෙසක අබිරහස් ලෙස මිය ගොස් සිටියදී දමන පොලිසිය විසින් ඊයේ (12දා) උදෑසන සොයාගෙන ඇත.
අටවැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබා ඇති සිසුවා පෙරදින අම්පාර නගරයේ පැවැති ප්‍රදර්ශනයක් ද නරඹා පැමිණ එදින සවස තම අසල්වාසී යහළුවන් සමඟ දිය නෑමට ගොස් 'මම පසුව එන්නම්' යැයි පවසා නිවෙසට ඒමට ප්‍රමාද වී ඇත.

පසුදින සිසුවා නොපැමිණීම නිසා පවුලේ පිරිස සොයා බැලීමේදී අසල නිවෙසක කාමරයක් තුළ එල්ලී සිටිනු දැක ඇත. පොලිසියට දැන්වීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත. සිද්ධිය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය
අම්පාර මහෙස්ත්‍රාත්වරයා විසින් පැවැත්වූ අතර දමන පොලිසිය විසින් පරීක්‍ෂණ කටයුතු සිදුකිරීම ආරම්භ කර ඇත.

සිසුවා මියගොස් සිටි නිවෙසේ ගෙහිමි කාන්තාව දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයට ගොස් ඇති අතර නිවෙසේ ‍ෙදාර වසා තිබූ බව ද වාර්තා වේ. වෙනදා ඇය සිටියදී සිසුවා එම නිවෙසට යන එන බවද ඥාතීන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්