රාජ්‍ය ඇමැතිගේ මැදිහත් වීමෙන් දුම්රිය සේවා සමිතිය දෙකඩ වෙලා

  👤  3240 readers have read this article !
By mawbima 2017-09-13

උපතිස්ස පෙරේරා

වසර 43ක් පැරැණි එ.ජා.ප.යට අනුබද්ධ දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රබල වෘත්තීය සමිතියක් වූ ජාතික දුම්රිය සේවා සමිතිය එ.ජා.ප.යේ රාජ්‍ය ඇමැතිවරයකුගේ මැදිහත් වීමෙන් දෙකඩවී ඇතැයි අනාවරණය වෙයි.

එම සමිතියේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස වසර 8ක්ද, ප්‍රධාන ලේකම්වරයා ලෙස අඛණ්ඩව වසර 5ක්ද සේවය කරන නිහාල් ගුණරත්න මහතා වෙනුවට වැඩ බලන ලේකම්වරයකු එම රාජ්‍ය ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් පත්කිරීම නිසා මෙම තත්ත්වය උද්ගතවූ බව එහි සුබසාධක ලේකම් ඒ.ඩී.කේ. උපුල් කුමාර මහතා සඳහන් කරයි.
වැඩ බලන ලේකම්වරයකු පත්කර ගැනීමට එරෙහිව එහි ප්‍රධාන ලේකම්වරයා කොළඹ දිසා අධිකරණයේ පෙත්සමක් ගොනුකොට ඇති අතර එය ඔක්කෝබර් 11 වැනි දින විභාගයට ගැනීමට නියමිතය. සමිතියේ සභාපතිවරයා වන රාජ්‍ය ඇමැතිවරයා ඇතුළු විධායක සභියකන් 9 දෙනකු මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
කෙසේ වුවද ජාතික දුම්රිය සේවා සමිතියේ කටයුතු සුපුරුදු පරිදි ඉදිරියට පවත්වාගෙන යන බව එහි ප්‍රධාන ලේකම් නිහාල් ගුණරත්න මහතා පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්