ජාතික අධ්‍යාපන කොමිසමට සුදුස්සන් සොයා ගැනීම ගැටලුවක්

  👤  3311 readers have read this article !
By mawbima 2017-09-13

දයා පෙරේරා

ශ්‍රී ලංකාවට සුදුසු අධ්‍යාපන ප්‍රතිපත්තිය සම්පාදනය කිරීමේ වගකීම පැවැරී ඇති ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට සුදුස්සන් සොයා ගැනීම ගැටලුවක් වී ඇතැයි අධ්‍යාපන ආරංචි මාර්ග කියයි.
කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ ධුර කාලය ඉකුත් අප්‍රේල් 28 වැනිදා අවසන් වීමෙන් පසුව පෙරේදා (11දා) වනතුරු කොමිසම පත්කර නොතිබිණි.

ජාතික අධ්‍යාපන කොමිසමට සභාපති ඇතුළු අධ්‍යක්ෂවරුන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා බව කොමිෂන් සභා පනතෙහි සඳහන්ය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, තෘතීයික අධ්‍යාපන කොමිසමේ සභාපති, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් යන සිවුදෙනා අධ්‍යක්ෂවරුන් ලෙස නිලබලයෙන් පත් කෙරේ. මෙම සිවු දෙනාද සමඟ කොමිසමේ සාමාජිකයන් ගණන පහළොවකි.

උසස් අධ්‍යාපනය සම්බන්ධ ජාතික ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති නමුත් ඒ සඳහා අත්‍යවශ්‍ය කරුණු ගණනාවක් සම්පූර්ණ කර ගැනීමට මෙන්ම කොමිසමේ ශාස්ත්‍රීය කටයුතු සඳහාද මේ තත්ත්වය බලපා ඇතැයි අධ්‍යාපන ආරංචි මාර්ග 'මව්බිම'ට කීය.
කොමිසම ක්‍රියා විරහිත වී ඇති බව 'මව්බිම' මීට පෙර දෙවතාවකදී පෙන්වා දී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්