දෙමළ ජාතික සන්ධානයත් මුස්ලිම් කොංග්‍රසයත් එක්විය යුතුයි

  👤  3315 readers have read this article !
By mawbima 2017-09-13

ලක්ෂ්මී ජයකොඩි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් උතුරු - නැඟෙනහිර ජීවත් වන දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්ව කටයුතු කළ යුතු බව නැඟෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් මහතා පවසයි.
ඒ වෙනුවෙන් පක්ෂ දෙකම කැපකිරීම සිදු කළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සුළු ජන කොටස්වල අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් කරනු ලබන උත්සාහයන් කඩාකප්පල් කිරීමට වෙනම කණ්ඩායම් සැදී පැහැදී සිටින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද අහමඩ් මහතා සඳහන් කෙළේය.

විශේෂයෙන් සියලු ජාතීන් ජීවත් වන නැඟෙනහිර පළාතේ පවතින දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය එක්ව පවත්වාගෙන යනු ලබන පළාත් සභාව මුළු රටටම ආදර්ශයක් බවද හෙතෙම කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවැසුවේ දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නැඟෙනහිර පළාතේ එක්ව කටයුතු කිරීම කෙරෙහි සිය අවධානය යොමු කළ යුතු බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වුවහොත් පළාත් සභාවල ධුර කාලය දීර්ඝ විය හැකි බැවින් ඒ පිළිබඳව මහ ඇමැතිවරයා දක්වන ස්ථාවරය කුමක්දැයි මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් මහ ඇමැතිවරයා මේ අදහස් පළ කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්