බී.එම්.එස්. සහ නෝර්ත් වෙස්ට් අවසන් පූර්ව වටයට

  👤  3321 readers have read this article !
By mawbima 2017-09-13

රෙඩ්බුල් සමාගම විසින් සංවිධානය කරනු ලබන 6 වැනි රෙඩ්බුල් කැම්පස් ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයේදී පසුගිය වසරේ ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන බී.එම්.එස්. පිල සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරන නෝර්ත්-වෙස්ට් විශ්වවිද්‍යාලය තම දෙවැනි ජය වාර්තා කරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වූහ,

බී.එම්.එස්. පිල (ශ්‍රී ලංකාව) තම දෙවැනි තරගයේදී ඩුබායි හෙරියට් වොට් විශ්වවිද්‍යාලය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) කඩුලු 8කින් පරාජයට පත් කළ අතර, නෝර්ත්-වෙස්ට් විශ්ව විද්‍යාලය (දකුණු අප්‍රිකාව) මරාත්වාඩා මිත්‍රා මන්ඩාල් වාණිජ විද්‍යාලය (ඉන්දියාව) ලකුණු 72කින් පැරදවීය.
පසුගිය වසරේ අනු ශූරයන්වූ බංගලිදේශ ලිබරල් ආර්ට් විශ්වවිද්‍යාල පිල තාක්ෂණික ජාතික විශ්වවිද්‍යාලය (සිම්බාබ්වේ) ලකුණු 130කින් පැරදවූ අතර, සිඩ්නි විශ්ව විද්‍යාලය (ඕස්ට්‍රේලියාව) කරච්චි නාසිම්බෑඩ් ජින්නා රජයේ විද්‍යාලය (පාකිස්තානය) කඩුලු 3කින් පැරදවීය.

බංගලිදේශ ලිබරල් ආර්ට් විශ්වවිද්‍යාල පිල ඩුබායි හෙරියට් වොට් විශ්වවිද්‍යාලය (එක්සත් අරාබි එමීර් රාජ්‍යය) සමගින් අද (13) තරග වදිනු ඇති අතර, එම තරගය ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. මේ දක්වා අපරාජිතව පසුවන බී.එම්.එස්. පිල (ශ්‍රී ලංකාව) අද (13) තාක්ෂණික ජාතික විශ්ව විද්‍යාලය (සිම්බාබ්වේ) සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

මේ දක්වා අපරාජිතව පසුවන නෝර්ත්-වෙස්ට් විශ්වවිද්‍යාලය (දකුණු අප්‍රිකාව) අද (13) කරච්චි නාසිම්බෑඩ් ජින්නා රජයේ විද්‍යාලය (පාකිස්තානය) සමඟින් තරග වදිනු ඇති අතර, සිඩ්නි විශ්වවිද්‍යාලය (ඕස්ට්‍රේලියාව) මරාත්වාඩා මිත්‍රා මන්ඩාල් වාණිජ විද්‍යාලය (ඉන්දියාව) සමඟින් තරග වදිනු ඇත.

කොළඹ ඕවල් පිටියේ සහ කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන තරගාවලියේ පළමු වටයේ තරග අද (13) දිනෙන් අවසන් වන අතර, අවසන් පූර්ව වටයේ තරග සැප්තැම්බර් 15 වැනි දින සහ අවසන් තරගය සැප්තැම්බර් 15 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්