නැවියන් පරදා සොලිඩ් ජයගනී

  👤  3242 readers have read this article !
By mawbima 2017-09-13

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන ඩයලොග් ලීග් පාපන්දු තරගාවලියේ පසුගියදා පැවැති තරගවලදී සොලිඩ් ක්‍රීඩා සමාජය ජය අත්කරගත් අතර, නිව්යං හා සුපර් සන් අතර තරගය විසඳුමක් නොමැතිව අවසන් වී තිබිණි.

එහිදී වඩාත් තියුණු තරගයක් බවට පත්වූ නිව්යං හා සුපර් සන් අතර තරගයේදී 28 වැනි විනාඩියේදී අෆීස් ඔලයෙමී ලබාගත් ගෝලයේ වාසියත් සමඟින් පළමු භාගය ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් සිටීමට සුපර් සන් කණ්ඩායම සමත්වුවද තරගයේ 77 වැනි විනාඩියේදී හර්ෂණ විදුරංග ලබාගත් ගෝලය හේතුවෙන් තරගය 1-1ක් ලෙස සමකර ගැනීමට නිව්යං කණ්ඩායමට හැකිවිය.

මේ අතර සොලිඩ් ක්‍රීඩා සමාජය හා ශ්‍රී ලංකා නාවික හමුදාව අතර තරගයද අතිශයින්ම තියුණු මුහුණවරක් ගත් අතර, මේ හේතුවෙන් දෙපිලටම පළමු භාගයේදී කිසිදු ගෝලයක් ලබාගැනීමට නොහැකි වී තිබිණි. කෙසේ වෙතත් තරගයේ අවසන් මොහොතේ එනම් තරගයේ 89 වැනි විනාඩියේදී ඩී.එස්.ද සිල්වා ලබාගත් ගෝලය හේතුවෙන් ප්‍රබල නාවික හමුදා කණ්ඩායම ගෝල 1-0කින් පරාජය කිරීමට සොලිඩ් කණ්ඩායම සමත්විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්