සුරාබදු කොමසාරිස් ජනරාල් බෝදරගම ඉවත්කර කාන්තා නිලධාරිනියක් පත්කිරීම ගැන සුරාබදු වෘත්තීය සමිති එකමුතුවෙන් ආණ්ඩුවට චෝදනා

  👤  3432 readers have read this article !
By mawbima 2017-09-13

ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩබලන දෙපාර්තමේන්තුවේ සිටින ජේ‍යෂ්ඨතම නිලධාරියා එම ධුරයෙන් ඉවත්කර පරිපාලන සේවයේ කාන්තා නිලධාරිනියක් එම ධුරයට පත්කිරීමට කටයුතු කරගෙන යන බවට සුරාබදු වෘත්තීය සමිති එකමුතුව ආණ්ඩුවට චෝදනා කරයි.

මේ වන විට එම ධුරයේ කටයුතු කරනුයේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිල ඇඳුම් අඳින කාර්ය මණ්ඩලයේ සිටින ජේ‍යෂ්ඨතම නිලධාරියා වන ඒ. බෝදරගම මහතා බවත් හෙතෙම එම ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට පරිපාලන සේවයේ නියුතු කාන්තා නිලධාරිනියක් පත්කිරීමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන බවට විශ්වාසදායක ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබුණු බව එම සංගමයේ සම ලේකම් බී.එම්.ආර්. තජිත්සිං මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වේලාවක් ලබාදෙන මෙන් අගමැතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් 95%ක්ම පිරිමි නිලධාරීන්ගෙන් සමන්චිත වන බවත් කාන්තා නිලධාරිනියන්ගේ ප්‍රතිශතය 5%කට වඩා අඩු වන බවත්ය. ඒ අනුව පරිපාලන සේවයේ කාන්තා නිලධාරිනියක මේ සඳහා පත්කළහොත් එය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හා නිලධාරීන් අතර අනේ‍යාන්‍ය අවබෝධය ගිලිහීගොස් දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මණ්‍ය වන බවත්ය.

එහෙයින් මේ වන විට වැඩබලන සුරාබදු කොමසාරිස් ඒ. බෝදරගම මහතාව එම ධුරය සඳහා පත්කිරීමෙන් දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට කරගෙන යා හැකිබව එම ලිපිය මඟින් සුරාබදු වෘත්තීය සමිති එකමුතුව වැඩිදුරටත් ස¼දහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්