අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිල්පීය නොවන රසායනාගාර සේවකයන් ක්‍රමවේදයට පටහැනිව බඳවා ගැනීම වහාම අත්හිටුවන්න

  👤  3349 readers have read this article !
By mawbima 2017-09-13

නුවන් හෙට්ටිආරච්චි

අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිල්පීය නොවන රසායනාගාර සේවකයන් බඳවා ගත් ක්‍රමවේදයට පටහැනිව බඳවා ගැනීමට යන බැවින් එය වහාම අත්හිටුවන ලෙස අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

මේ බඳවා ගැනීම් පටිපාටියට අනුව ජාතික පාසල්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථානවල සේවයේ නියුතු සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, මුරකරු, ගිලන්හල් සේවක ආදී තනතුරුධාරීන්ට රසායානාගාර සේවක තනතුරු 220ක් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලුම්පත් කැඳවූ අතර එහිදී සනීපාරක්ෂක කම්කරු, පාසල් කම්කරු, මුරකරු, ගිලන්හල් සේවක වසර 28ක් සේවය සම්පූර්ණ කර ඇති පළමු, දෙවැනි හා තුන්වන ශේ්‍රණිවල නියෝජන සේවකයන්ටත් විශේෂ ශේ්‍රණියේ සේවකයන්ටත්, පරිවාස කාලයේ සේවකයන්ටත්, සමාන කොට සලකා ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් සම්මුඛ පරීක්ෂණයේදී සිදුකර ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභා රීති සංග්‍රහයේ වගන්තිවලට පටහැනිව මේ බඳවා ගැනීම් සිදුකරන්නට යන බවත් එය වහාම අත්හිටුවා නැවත නිසි ක්‍රියා පටිපාටියට අනුව මෙම බඳවා ගැනීම් සිදු කිරීම කළ යුතු බවත් එම වෘත්තීය සංගමයේ ලේකම් අජිත්. කේ. තිලකරත්න පෙන්වා දෙයි.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව සෘජුවම රාජ්‍ය සේවාවේ ස්වාධීනත්වය උදෙසා මැදිහත් විය යුතු බවද තිලකරත්න සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්