ආයුර්වේද වෛද්‍ය සභාවෙන් මුද්‍රිත හා විද්‍යුත් ආයතන සඳහා මාර්ගෝපදේශ මාලාවක්

  👤  3259 readers have read this article !
By mawbima 2017-09-13

දයා පෙරේරා

ආයුර්වේද වෛද්‍ය සාකච්ඡා විශේෂාංග ලිපි හා ප්‍රචාරක දැන්වීම් පළකිරීමේදී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ආයතන අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිකුත් කර ඇත.

මාධ්‍යයෙන් සන්නිවේදනය වන සාවද්‍ය තොරතුරු නිසා පීඩාවට පත්වූවන්ගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන ආයුර්වේද වෛද්‍ය සාකච්ඡා, විශේෂාංග ලිපි හා ප්‍රචාරක දැන්වීම් පළකිරීමේදී ඇතිවන බලපෑම් අවම කිරීම පිණිස මේ මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමට එම වෛද්‍ය සභාව තීරණය කර තිබේ.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආයුර්වේදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා යොදාගන්නා වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අයකු දැයි එම සභාවෙන් විමසා තහවුරු කර ගැනීම අනිවාර්ය බවත් ලියාපදිංචි වූවන් හැර ලියාපදිංචිය නොලත් පුද්ගලයන් මේ සඳහා නොගත යුතු බවටත් ආයුර්වේද වෛද්‍ය සභාව ඉල්ලීමක් කරයි.
ඇතැම් ලියාපදිංචි වෛද්‍යවරුන් විවිධ රෝග නිට්ටාවට සුවකළ හැකි බව අඟවමින් මාධ්‍ය දැන්වීම් පළකරන බවට නිරීක්ෂණය වී තිබෙන බැවින් මින් ඉදිරියේදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය රහිත දැන්වීම් ප්‍රචාරයෙන් වළකින ලෙසද වෛද්‍ය සභාව දන්වයි.

ආයුර්වේද කොමසාරිස් හා ආයුර්වේද වෛද්‍ය සභාවේ සභාපති එම්.ඩී.එම්.ඩී. කරුණාතිලක ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්