රියැදුරු නින්දේ රථය අනතුරක

  👤  3377 readers have read this article !
By mawbima 2017-09-13

මුලතිව් - ශෂිකුමාර්

කිලිනොච්චිය, උමයාලපුරම් ප්‍රදේශයේදී පෙරේදා (11දා) රාත්‍රියේ මෝටර් රථයක හා කැන්ටර් රථයක හැපුණු අධි සුඛෝපභෝගී බස් රියට දැඩි හානි සිදුවී ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

යාපනය සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථය රියැදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව නවතා තිබූ කාර් රථයේ හා කැබ් රියේ ගැටී අති බවට තොරතුරු අනාවරණය වී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ කාර් රථයේ හා කැන්ටර් රියේ කිසිවකු නොසිටි අතර කාර් රථයටද දැඩි හානි සිදුව ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
බස්රථයේ අධික වේගය අනතුරට හේතු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්