සංචාරක වීසා මත ඉන්දියානුවන් ලක්ෂ 2කට වඩා ඇවිත් ඉන්නවා

  👤  3297 readers have read this article !
By mawbima 2017-09-13

ඉෂාරා සිල්වා

ආණ්ඩුව රහසිගතවම එට්කා ගිවිසුම ක්‍රියාත්මක කරන්නේදැයි සැකයක් මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි මහතා පැවැසීය.
මේ වන විටත් සංචාරක වීසා මත ඉන්දියානුවන් දෙලක්ෂ තිස්තුන් දහස් එකසිය විසි දෙනකු පමණ මෙරටට පැමිණ ඇති බවත් එලෙස ඉන්දියානු සංචාරකයන් නාමයෙන් පැමිණෙන පිරිස නැවත රටෙන් පිට වෙනවාද යන්න සොයා බැලිය යුතු බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ඉදිරියේදී ගොයම් කැපීමටත් ඉන්දියානු ශ්‍රමිකයන් සංචාරක වීසා මත පැමිණෙන බවත් මේ හේතුවෙන් මෙරට ශ්‍රම වෙළෙඳපොළට විශාල බලපෑමක් ඇති කරන බවත් ජයකොඩි මහතා කියා සිටියේය. ආණ්ඩුව මේ පිළිබඳව මුනිවත රකිමින් සිටින බවත් ඔවුන් එට්කා ගිවිසුම ක්‍රියාත්මක කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය රටට අනතුරු හඟවන බවත් ඊයේ (12දා) පුංචි බොරැල්ල, වජිරාශ්‍රමයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්