සෙවිලි උළු හා සම් භාණ්ඩ නිෂ්පාදකයෝ ජනපති හමුවෙති

  👤  3307 readers have read this article !
By mawbima 2017-09-13

සමස්ත ලංකා සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමය සහ සමස්ත ලංකා පාවහන් හා සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයෝ පෙරේදා (11දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී තම වෘත්තීන්ට අදාළ ගැටලු පිළිබඳ සාකච්ඡාවක නිරත වූහ.

සෙවිලි උළු අලෙවි කරගත නොහැකි වීමෙන් තමන් විඳින දුෂ්කරතා පිළිබඳ සෙවිලි උළු නිෂ්පාදකයන් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ අතර මැටි ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳවද සාකච්ඡාවට ලක්විය. සමස්ත ලංකා පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයෝද මෙහිදී විදේශීය නිෂ්පාදන ඇසුරින් තම කර්මාන්තය මුහුණදෙන ගැටලු ඉදිරිපත් කළහ.

මෙම ගැටලු සම්බන්ධයෙන් ලබාදිය හැකි සහන පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීමද මෙහිදී සිදුවිය.
රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද හිටපු ජේ‍යෂ්ඨ අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු මහතා අදාළ අමාත්‍යාංශවල ඉහළ නිලධාරීහුද සෙවිලි උළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සහ සමස්ත ලංකා පාවහන් හා සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයෝද මෙම සාකච්ඡාවට එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්