‘සුභග ශිෂ්‍යත්වයට’ අයැදුම්පත් බාර ගැනීම 22 දක්වා

  👤  3269 readers have read this article !
By mawbima 2017-09-13

දයා පෙරේරා

සුවිශේෂ දක්ෂතාවලින් හෙබි දරුවන්ගේ කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පිරිනමන සුභග ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම මෙම මස 22 වැනිදා දක්වා දීර්ඝ කර ඇත.

12 වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන සුදුසුකම් සහිත දරුවන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවත් වැඩි විස්තර ඹඹඹ.ථධඥ.ඨධම.තඬ මඟින් ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

නව නිපැයුම්, ක්‍රීඩා සෞන්දර්ය යන අංශවලින් විශිෂ්ට දක්ෂතා දක්වන සිසුන් 1000ක් සඳහා මාසයකට රුපියල් 2500 බැගින් වාරික 20ක් වෙනුවෙන් රුපියල් 50,000ක ශිෂ්‍යත්වයක් පිරිනැමේ.

2017 අයවැය යෝජනා අනුව මේ ශිෂ්‍යත්ව පිරිනමන බවද අමාත්‍යාංශය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්