සන්සුන් වන්න සහයෝගය දෙන්න සංගක්කාර ක්‍රීඩාලෝලීන්ට ආයාචනා කරයි

  👤  3601 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (24).jpg (600×350)

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන කැරබියන් ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින කුමාර් සංගක්කාර ෆේස්බුක් ගිණුමට එවා ඇති වීඩියෝවක් මඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගෙන් කාරුණික ඉල්ලීමක් සිදුකරමින් පවසා ඇත්තේ සන්සුන් වන ලෙසයි.

දිනෙන් දින පරාජයට පත්වන ශ්‍රී ලංකා කණ්ඩායම හැර නොයන ලෙස ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක් කරන සංගක්කාර මෙසේද පවසයි. "ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ඔබ කොයිතරම් ආදරයද කියලා මම හොඳින්ම දන්නවා. කණ්ඩායම ජයග්‍රහණය කළ අවස්ථාවලදී අපි සියලු දෙනා එකට සංතෝෂ වුණා. ඒ වගේම තරග පරාජය වුණාම අපිත් එක්ක ඔබ සියලු දෙනාම දුක් වුණා. කණ්ඩායම වැටිලා ඉන්න වෙලාවේ අපිට අවශ්‍යම වෙලාවේ අපේ ශක්තිය වුණේ ඔබ සියලු දෙනාගේම ආදරයයි, සහයෝගයයි. මෙ අවස්ථාවේදීත් අපේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවශ්‍ය වන්නේ ඔබ සියලු දෙනාගේම ඒ ඉවසීම හා දිරියයි" යනුවෙන් පැවැසූ සංගක්කාර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ ඉදිරියටත් රැඳෙන ලෙසද කාරුණිකව ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්