ශිෂ්‍යත්ව විභාගයේදී හිතාමතාම වංචා සිදු කරලා

  👤  3510 readers have read this article !
By mawbima 2017-08-22

දයා පෙරේරා

මෙවර පහ ශේ‍ර්ණිය ශිෂ්‍යත්ව විභාගයේදී විභාග මධ්‍යස්ථානවල වාර්තා වූ සිදුවීම් සාමාන්‍ය ඒවා නොව හිතාමතා විභාග වංචාවන් සිදු කිරීමේ අරමුණින් කරන ලද කටයුතු බව පැහැදිලි වන්නේ යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ විභාග කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දෙයි.
එබැවින් මේ පිළිබඳ වහා සොයා බලා කටයුතු කළ යුතු බවත් විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ වාර්තා මත පමණක් පදනම්ව මේ සිදුවීම් ගැන ඉක්මන් තීන්දු මාධ්‍ය වෙත ලබාදීමට කටයුතු නොකරන ලෙසද හෙතෙම අවධාරණය කරයි.

සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇසූ පමණින් ප්‍රකාශ නිකුත් නොකොට ඒ වාර්තා ගැන විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව හරි වැරැදි ප්‍රකාශ කිරීමට කටයුතු කරන ලෙසත් අදාළ නිලධාරීන්ට විරුද්ධව නීත්‍යනුකූල කඩිනම් පියවර ගන්නා ලෙසත් හෙතෙම අවධාරණය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්