ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීමට අවශ්‍ය පහසුකම් සපයනවා

  👤  3491 readers have read this article !
By mawbima 2017-08-22

දෙනගම ධම්මික රණවීර
ඡායාරූප - මංජුල දයාවංශ

ආයෝජන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගන්නවා යැයි ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවැසීය.
ඔහු එසේ සඳහන් කළේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හා තායිලන්තයේ රොජානා කර්මාන්ත උද්‍යාන සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන අවස්ථාවකට සහභාගි වෙමිනි. ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන මණ්ඩලයේදී ඊයේ (21දා) එම ගිවිසුම අස්සන් කරනු ලැබීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා: මිල්ලනියේ ආයෝජන ව්‍යාපෘතියේ මූලික කටයුතු වසර දෙකහමාරක් තුළ ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා.
තායිලන්තයේ රොජානා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට බුදු දහම පදනම් කරගත් සමාජයක් දෙරටේම පැවැතීමත් හේතුවක් වුණා.

මේ සමාගම අපගෙන් අක්කර දහසක් ඉල්ලා සිටියත් දියුණු වෙමින් පවතින රටක් ලෙස එතරම් භූමියක යටිතල පහසුකම් එකවර සංවර්ධනය කිරීම අපහසුයි. ඒත් ලබන 2018 දෙසැම්බර් වන විට මේ වෙළෙඳ කලාප ස්ථාපිත කරනවා. පරිසර ඇතුළු අනෙකුත් වාර්තා මාස තුනක් තුළ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරන ලෙස අගමැතිතුමා උපදෙස් දුන්නා.

මේ ආයෝජන මඟින් අදාළ ආයතනය සහ ශ්‍රී ලංකා රජය අතර ලාභය බෙදාගැනීමට අපි අපේක්‍ෂා කරනවා.
වසර 50ක් වැනි කාලයකින් පසුව එම සම්පත් සියල්ල ආපසු මේ රටට භාරදීමටද රොජානා සමාගම එකඟ වී සිටිනවා.
චීනයෙන් මේ වන විට අපේ රටට විශාල ලෙස ආයෝජන එනවා. මීට අමතරව ජපානය ඇතුළු රටවල් රැසක ආයෝජන ගෙන ඒමට රොජානා සමාගම කටයුතු කරනවා. ඒ වෙනුවෙන් සෑම මාසයකට වරක්ම ලංකාවට ආයෝජකයො රැගෙන විත් ඔවුන් ආයෝජන සඳහා උනන්දු කරවීමට රොජානා සමාගමේ අපේක්‍ෂාවයි.
ඒ සඳහා විදේශ තාක්‍ෂණය සැපයීමට රොජානා සමාගම සූදානම් වීම මේ රටේ ආයෝජකයන් මේ රටේ නිෂ්පාදකයන් බවට පත් වෙනවා.
පහසුකම් සපයන්නා ලෙස අපි මේ ආයෝජන කලාපය තුළ වෘත්තීය පුහුණු මධස්ථාන ඇති කොට රටේ සෑම ප්‍රදේශයකම තරුණ තරුණියො පුහුණු කොට රැකියා අවස්ථා උදා කරලීමටත් අපේක්‍ෂා කරනවා.

සිංහල, දෙමළ හා ඉංගී්‍රසි මාධ්‍යවලින් එම වෘත්තීය පුහුණුව ලබා දෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්