අගමැතිගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ ආර්ථික කැබිනට් අනු කමිටුව අහෝසි වන්නේ නෑ

  👤  3393 readers have read this article !
By mawbima 2017-08-22

උපතිස්ස පෙරේරා

ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් ස්ථාපිත කෙරෙන ජාතික ආර්ථික සභාව හේතුවෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙතෙක් ක්‍රියාත්මක වූ ආර්ථික කළමනාකරණය සඳහා වූ කැබිනට් අනුකමිටුව අහෝසි නොවන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කරයි.
සියලු ආර්ථික කටයුතු පිළිබඳ තීරණ ගැනීම ජනාධිපතිවරයාගේ සභාපතිත්වයෙන් යුත් ජාතික ආර්ථික සභාවට පැවැරෙන අතර අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යවරයා, අග්‍රාමාත්‍ය ලේකම්, මහ බැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් එහි සාමාජිකයෝ වෙති.

ආර්ථික කටයුතුවලට අදාළ විවිධ ව්‍යාපෘති හා ආයෝජන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම ආර්ථික කළමනාකරණය පිළිබඳ කැබිනට් අනුකමිටුව මඟින් තවදුරටත් සිදුකරන අතර මෙම ආයතන දෙකෙහිම යෝජනා සහ නිර්දේශ කැබිනට් මණ්ඩලයේ අනුමැතියට යටත් වන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්