පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා 11ක් අද වැඩ වර්ජනයක

  👤  3475 readers have read this article !
By mawbima 2017-08-22

දයා පෙරේරා

දකුණු පළාත් සභාවට අයිති සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ පරිපූරක වෛද්‍ය සේවාවට හා අතුරු වෛද්‍ය සේවාවට අයත් සේවා එකොළහක් අද (22දා) උදේ 8.00 සිට බ්‍රහස්පතින්දා (24දා) උදේ 8.00 දක්වා පැය 48ක කාලයක් වැඩ වර්ජනය කිරීමට නියමිතය.

එම සේවාවන්ගේ අධීක්ෂණ කටයුතු වෙනත් නිල මඟින් සිදු කිරීම, විශේෂ ශේ‍ර්ණියේ උසස්වීම් පළාත් සභාව තුළ සිදු නොකිරීම, වාර්ෂික ස්ථාන මාරු ලබා නොදීම, වැඩි කළ අතිකාල රේට් අගය නොගෙවීම යන මූලික ඉල්ලීම් පළාත් බලධාරීන් විසින් දිගින් දිගටම ඉටු නොකිරීම හේතුවෙන් මේ වර්ජනය සිදු කරන බව පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු අජිත් කේ. තිලකරත්න හා උපුල් රෝහණ පවසයි. මේ වැඩ වර්ජන කාලය තුළ හදිසි හා අත්‍යවශ්‍ය සේවා රෝහල් හි පවත්වන බවද බල මණ්ඩලය කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්