මහාචාර්ය මාටින් සෙලිග්මන් මනෝවිද්‍යා ජගත් සමුළුවට එයි

  👤  3482 readers have read this article !
By mawbima 2017-08-22

දයා පෙරේරා

ලොව ප්‍රමුඛතම මනෝවිද්‍යාඥයන් පනස් දෙනාගේ ලැයිස්තුවේ දැනට ජීවතුන් අතර සිටින අතළොස්සෙන් අයකු වන මහාචාර්ය මාටින් සෙලිග්මන් සිකුරාදා (25දා) ඇරැඹෙන ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබද අන්තර්ජාතික සමුළුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ.

1937දී ලොව ප්‍රකට මනෝවිද්‍යාඥයකු වූ කාල් යුන්ග් මෙරටට පැමිණීමෙන් වසර අසූවකට පසු මහාචාර්ය මාටින් සෙලින්ග් මනෝ විද්‍යාඥයාගේ ආගමනය ඉතාම වැදගත් අවස්ථාවක් බව කොළඹ මනෝවිද්‍යා සහ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දර්ශන පෙරේරා පැවැසීය.
සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති ‍ෙදාස්තර රාජිත සේනාරත්න අතින් කොළඹ හිල්ටන් රෙසිඩන්සිස්හි සිකුරාදා ඇරැඹෙන සම්මන්ත්‍රණය 27දා ඉරිදා දක්වා පැවැත්වේ.

දකුණු ආසියාවේ සම්මන්ත්‍රණයක් සඳහා මහාචාර්යවරයා පැමිණෙන
පළමු වාරය බැවින් කලාපයේ බොහෝ මනෝ විද්‍යාඥයන් ඔහු හමුවීමේ අටියෙන් මෙයට සහභාගි වනු ඇතැයිද මනෝ විද්‍යා සහ පර්යේෂණ ආයතනය කියයි.
ශ්‍රී ලංකාවේ මනෝ විද්‍යාව පිළිබඳ උනන්දු වන සැමට එම දක්ෂතාව හා දැනුම වර්ධනය කර ගැනීමට මේ සමුළුව වැඩදායක වනු ඇත. මෙරට මනෝ සමාජ සේවා සිදු කරන හැමදෙනාම ඒකරාශී කර සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්වී සංගමයක් ඇති කිරීමේ මුල් පියවරද මේ සමුළුවේදී සිදු කෙරෙන බව මනෝ විද්‍යා සහ පර්යේෂණ ආයතනයේ කථිකාචාර්ය වෛද්‍ය ලසන්ත ජයසේකර කීවේය.

ශ්‍රී ලංකාවට මනෝ වෛද්‍ය උපදේශකයන් 20,000ක්් අවශ්‍ය වුවත් වසරකට දළ වශයෙන් එම ක්ෂේත්‍රයට එක් වන්නේ 200කටත් වඩා අඩු සංඛ්‍යාවක් බවද ඊට හේතුව මනෝ වෛද්‍ය උපදේශනයට සුදුසුකම් ඇති අය එක් නොවීම බවද වෛද්‍ය දර්ශන පෙරේරා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්