දින 5 බිලිදාගේ මව ඩෙංගු මරුවාට බිලි

  👤  3444 readers have read this article !
By mawbima 2017-08-22

22-8-17-maw (12).jpg (600×350)

අලුත්ගම - කේ.ඩී. පවුලිස්, බේරුවල - ඩී.එම්. ගුණසේන

දින 5ක් වයසැති බිලි¼දා මෙලොව තනි කර තිදරු මව ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් මරුදකී.
මෙසේ මරණයට පත්වූයේ බේරුවල ගල්හේන, පිංහේන පාරේ පදිංචි කේ.එම්. ශි්‍රයානි ප්‍රේමකාන්ති (36) නමැති මවකි.

මියගිය අය අංගොඩ උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අකාලයේ මරණයට පත්ව ඇත.
මියගිය අය කළුතර නාගොඩ රෝහලේ සිසේරියන් සැත්කමක් කර දරුවා බිහි කර උණ රෝගය නිවෙසේදී වැලඳී හදිසියේ අංගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
මියගිය අයගේ වැඩිමහල් දියණිය දිනිති නෙත්සරණි (ක/පාදගොඩ මහා විදුහලේ ඉගෙනුම ලබන) එදින 5 වසර ශිෂ්‍යත්වයට පෙනී සිට නිවෙසට එන විට තම මව ඩෙංගු මාරයා බිලිගෙන තිබීම අනුවේදනීය තත්ත්වයකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්