‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය’ අද කොළඹදී අඛණ්ඩ උපවාසයක් අරඹයි

  👤  3340 readers have read this article !
By mawbima 2017-08-21

සවනි ශේශාධි

"සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය" අද (21දා) කොළඹදී අඛණ්ඩ උපවාසයක් අරඹයි.

මේ පිළිබඳ 'මව්බිම' කළ විමසීමකදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පැවැසුවේ සයිටම් අහෝසි කරන ලෙස බල කරමින් සයිටම් විරෝධී බලවේග සියල්ල ඒකරාශී කොට ගනිමින් අද (21දා) පෙරවරුවේ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කරන බවයි.

වෛද්‍යවරුන්, වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, විශ්වවිද්‍යාල හා උසස් තාක්ෂණ ආයතන ශිෂ්‍යයන් මේ 'සයිටම් විරෝධී අඛණ්ඩ උපවාසයට' එක්වන බවද හෙතෙම තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්