අද ප්‍රදේශ රැසකට මහ වැසි

  👤  3355 readers have read this article !
By mawbima 2017-08-21

ඉෂාරා සිල්වා

දිවයිනේ ප්‍රදේශ රැසකට අද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ රැසක් හරහා මෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශ හරහා තරමක තද සුළං අපේක්ෂා කරන බවයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලින්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලින් මි.මී. 50ක පමණ තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, වයඹ පළාත්වල සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ. හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කි.මී. 70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසද ඔවුන් දැනුම් දෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්