දෙසැම්බරයේ කේප්ටවුන් යන්න ලාස්ට්-මෑන් ස්ටෑන්ඩ්ස් සැරසේ

  👤  3182 readers have read this article !
By mawbima 2017-08-13

ශ්‍රී ලංකාවේ ආධුනික ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත විශාලතම ජය මල්ලක් වන රුපියල් මිලියන තුනකට ආසන්න ත්‍යාග මුදලක් පිරිනැමෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස්
ශ්‍රී ලංකා "රේස් ටූ කේප්ටවුන්" 2017 තරගාවලිය අගෝස්තු මස 27 වැනි දින ඇරඹේ.

ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ලබන දෙසැම්බර් මස 9 දින සිට 15 දින දක්වා දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවැත්වෙන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ලෝක ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමිවනු ඇත.
මෙම ලෝක ශූරතා තරගාවලිය සඳහා පළමුවරට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබීම සඳහා ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා "රේස් ටූ කේප්ටවුන්" 2017 තරගාවලියට කණ්ඩායම් 40කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර, වැඩි විස්තර ඩබබන://ඹඹඹ.තචඵබථචදඵබචදඤඵ.ජධථ/නතචරජපඪජඬඥබජධතධථඡධ / වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

දැනට ලෝකයේ රටවල් 14ක ක්‍රියාත්මක වන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමෙන් පසුව පැවැති තරගාවලි තුනේදීම ජය ලැබීමට හේෂාන් ෆ්ලෙක්සි කණ්ඩායම සමත් විය.

වසර දෙකකට වරක් පැවැත්වෙන මෙම ලෝක ශූරතා තරගාවලිය 2015 වසරේදී බටහිර ඉන්දීය කෝදෙව්හිදී පැවැති අතර, ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා "රේස් ටූ කේප්ටවුන්" 2017 තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නා කණ්ඩායමට ලෝක ශූරතා තරගාවලිය සඳහා සහභාගි වීමට අවශ්‍ය ගුවන් ටිකට්පත්, නවාතැන් පහසුකම්, ඇඳුම් කට්ටල සහ ලියාපදිංචි ගාස්තු ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා විසින් නොමිලේ ලබා දෙනු ඇත.

සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවට වඩා තරමක් වෙනස් වන ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ලොවපුරා ලක්ෂයකට වැඩි ක්‍රීඩකයන් සංඛ්‍යාවක් එක්ව සිටින අතර, ක්‍රීඩකයන් 8 දෙනකුට පමණක් ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසේ. අවසන් ක්‍රීඩකයාටද පන්දුවට පහරදීමට අවස්ථාව සැලැසෙන අතර, තරගයක් පැය 2කට සීමා වී ඇත.
තරගාවලියේ පළමු වටයේ තරග කොළඹ අවට ක්‍රීඩාංගණයන්හිදී පැවැත්වීමටත්, අවසන් පූර්ව තරග සහ අවසන් තරගය සැප්තැම්බර් මස 24 දින මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටත් ලාස්ට් මෑන් ස්ටෑන්ඩ්ස් ශ්‍රී ලංකා කටයුතු යොදා ඇත. අවසන් දිනයේ තරග සියල්ල ඩබබන://ඹඹඹ.ඡචබඵථචද.ජධථ වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කිරීමට කටයුතු යොදා ඇත.

ඉෂාන් රශ්මිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්