ගුරු රකුසො හප කරන ටියුෂන් දරු කැකුළු

  👤  3390 readers have read this article !
By mawbima 2017-08-13

ටියුෂන් තිඹිරි ගෙදර කුණුමුලු ඇවිස්සුවා නොව අපි ඔක්කොම එකතුවෙලා මෙම කසළ ගොඩවල් සුද්ද පවිත්‍ර කළ යුතු යැයි සිහි කැඳවීමක් පමණි. ජාතික ආගමික ආරක්ෂක විමුක්තිය වෙනුවෙන් වැදි බණ දෙසනවාට වඩා අවශ්‍ය වන්නේ නිවැරැදි තත්කාලීන අධ්‍යාපනික ඥානයයි. පහත සිද්ධීන් සියල්ලම අධ්‍යාපන පොරපිටියේ අවාසනාවන්ත ඛේදවාචකයන්ය.

අසංක අතිරේක විෂයානුබෝධයට ගම්පහට ආවේ සිහින මන්දිරයක් මවාගෙනයි. තරුණ පැතුම් තුළ හැඟුම් විකසිත වන ආදරය සොඳුරු උත්තේජනයක්. නිශාදිගේ ආදරය විතරක් නෙවෙයි, ආධාර උපකාර, කිතිකැවෙන උණුසුම අනාගතය ගැන විශ්වාසයන් අවදි කළා. මුලින් ගිය පන්තිය මාරු කළේ ඇගේ ඉල්ලීමට. අලුත් පන්තියේ අලුත් සර් නිශාදිගේ පෙම්වතා බව දැනගත්තේ කාලයාගේ ඇවෑමෙන්. අසංකට ශක්තියක් තිබුණේ නෑ, ඔහුව පාලනය කරන්න. අතිරේක පන්ති ගුරුවරු තමන්ගේ පන්තියට ළමයි වැඩි කරගන්න නිශාදි වගේ ප්‍රේම දූතියෝ හදාගෙන ඉන්නවා. අසංක මේ වනවිට අයාලේ ගිය මත්ලෝලියෙක්.

පන්ති යන එන අතරතුර චමෝදි තම යෙහෙළියකගේ අක්කා මනමාලිය වන දවසේ යහළු මනාලිය වුණා. චමෝදිව හැඩ කළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරියගේ ඉල්ලීමට ඇය මනාලියන් දැක්මකටත් ඉදිරිපත් වුණා. විභාගයට වඩා නිරූපිකා රංගනයට ඇය ලොල් වුණා. විලාසිතා හිමිකාරියගේ ඇසුර නිසා ටියුෂන් පන්ති ආපු චමෝදි අද ළමා ගණිකාවක්.

ටියුෂන්වලට ගම්පහට පැමිණි නීලසිරිට හොඳම මිතුරා හැටියට හමුවූයේ විප්ලවීය දේශපාලන අරගලය අරමුණකින් තොරව හඹායන ගිරාපෝතක ජගත් චන්ද්‍ර. ඔහු පෙළපාළි, උද්ඝෝෂණ සඳහා රහසිගතව කුලියට තරුණ තරුණියන් සපයන්නෙක්. පාසල් හා පන්තිය තුළ නිරන්තරව මන--කල්පිත චරිතයක රඟපෑමක් හැර ජගත් චන්ද්‍රට පැහැදිලි අනාගත මාවතක් නොවීය. ඔහු නගරය පුරා පන්ති ප්‍රචාරක පෝස්ටර් ඇලවීමේ කොන්ත්‍රාත්කරුවෙකි. ඇඳුම, පැලඳුම පිළිබඳ තැකීමක් නැති නිතර බුලත්විට සපමින් වර්තමානයට ශාප කරන යුතෝපියානු සමාජවාදියෙකි. සෘණාත්මක මුඛරිබස් ‍ෙදාඩමින් කුහක විසබීජ පතුරවන්නෙකි. ජගත් චන්ද්‍ර මැවූ මඟ ගිය නීලසිරි ටියුෂන් ගමනේ නාමයෙන් වර්තමානයේ කුලී කම්කරුවෙකි. නීලසිරි සමඟ එක පන්තියේ අකුරු කළ ඔහුත් සමඟ ගම්පහ අතිරේක පන්ති පැමිණි මංජුල මේ වනවිට විශ්වවිද්‍යාල සිසුවෙකි.
අවදියෙන් නිදහස් වෙන්න අපි නිදාගන්නවා. නින්දෙන් නිදහස් වෙන්න අවදිවෙනවා. රෑ දවල් එනවා යනවා. අධ්‍යාපන තරගය තුළ වැඩිම නිදහසක් හිමි වී තිබෙන්නේ ළතැවීමට පමණයි.

පන්ති කට් කරලා පෙම්වතාගේ තුරුලේ නැළවුණු කාන්තිලතා ගබ්සා ‍ෙදාස්තරලාගේ, ලැගුම්හල් හිමිකරුවන්ගේ විශ්වසනීය කොටස්කාරියක්. පන්ති ඇවිත් විභාග සමත් නොවුණත් කාන්තිලතා දැන් සුළු පොලී ව්‍යාපාරික ආයෝජිකාවක්. ඇගේ වර්තමානය මිස අනාගතය ගැන තීරණය කරන්න අපිට බෑ.

සමලිංගික වින්දනයේ ශූර චරිතයක් ලෙස ප්‍රසිද්ධ උපශාන්ත උපකාරක පන්තියේ ගුරු හිමිනමකගේ සමීපතම සිසුවා විය. උසස් පෙළ ඕඛ් අසමත් වුවත් මේ වනවිට ඔහු දහම් පාසල් උපදේශකවරයෙකි. නිතර පිරිවෙන් ඇසුරේ ගැවසෙන සර්ව සුබවාදී උපශාන්ත දේශකයෙකි.

ඔබේ දරුවා අනිසි බියකින් සිටීදැයි කාරුණිකව විමසා දැනගන්න. ටියුෂන් ගාස්තුව ගෙවීමට වෙහෙසෙන ලෙසටම සිසුවාගේ ඇසුරුකරන්නන් පිළිබඳවද දැනුවත් වන්න.
කිමිඳී විමසා බැලිය යුතු ගැඹුරක් සහිත ගුරුපුද ලැබිය යුතු අමතර පන්ති ආචාර්යවරයකුගේ ආධ්‍යාත්මික ගවේෂණයක තොරතුරු ගැනද සටහනක් තැබීමට අවසර.

මූලික අධ්‍යාපනය සඳහා පාසලට භාරදෙන දරුවන්ගෙන් 40%ක් පමණ සාමාන්‍ය පෙළින් විධිමත් අධ්‍යාපනය අතහරිනවා. 20%ට අඩු පිරිසක් තමයි උ/පෙළ හදාරන්නේ. ඉතා සීමිත පිරිසක් සරසවි වරම් ලබාගන්නවා. උපාධිධාරී වෘත්තිකයන් ලෙසින් ආකර්ෂණීය මහජන සබඳතාවක් ගොඩනඟා ගැනීමට හැකියාව ඇත්තේ ඉතාම සුළු පිරිසකට පමණයි. කුඩා අවධියේ පටන්ම තමාට නොහැකි වුණු ජයග්‍රහණයක් වෙනුවෙන් දරුවා පෙලඹවීම මෙයට මූලික හේතුවයි. අලෙවිකරණ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය තුළ යෞවනය මං මුළාවීමට ප්‍රධාන සාධකයක් වන්නේ දෙගුරුන් විසින් දරුවා අවස්ථාවාදය තුළ කොටුකිරීම බව ඔහුගේ අදහසයි.

ගම්පහ නගර සීමාව තුළ ස්ත්‍රී පුරුෂ ළමා ගණිකාවන් මෙන්ම එම සේවාවේ පිම්පි කාඩර්වරු, වරියෝද ගැවසෙති. අජීතාගේ විවිධ ඉරියව් ඡායාරූප ගතකර ඇත්තේ හෙනරත්ගොඩ මල්වත්තේදීය. සොඳුරු පරිසර ජවනිකා මවමින්, තුරුලතාවලට ආදරයෙන් ඒවා සිප ගන්නා අයුරු රඟපෑමට නියෝග කර ඡායාරූප රැගෙන ඇත්තේ ටියුෂන් ගුරෙකි. ඔහු අජීතාට පවසා ඇත්තේ තම අධ්‍යාපන කඩයේ ප්‍රචාරක දැන්වීම් සඳහා එම රූ සටහන් යොදා ගන්නා බවකි. මසකට පමණ පසුව දැඩි තරවටු කිරීම් මැද ඇගේ වැඩිමහල් සොයුරාගේ ස්මාර්ට් දුරකතනයෙන් දැකගත හැකිවූයේ ගස්වැල් වෙනුවට තරුණයන් තුරුලේ වෙළී සිටින අජීතාගේ පින්තූරය. ඒ වනවිටත් තාක්ෂණ මායාවන්ගෙන් විකෘති කරන ලද අජීතාගේ රූපශ්‍රීය අන්තර්ජාල සමාජජාල වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වී හමාරය. කුහුඹුවකුටවත් වරදක් නොකළ අජීතාගේ ටියුෂන් ගමන එලෙස කෙළවර විය.
උසස් පෙළ චිත්‍ර පන්තියකට පැමිණි සිසුවියකට අඩ නිරුවත් පින්තූරයකට පෙනී සිටීමට බලකර ඇත්තේ ඇගේ සිරුරේ චමත්කාරය අගය කළ ගුරු රකුසාය. එසේ කුමන්ත්‍රණකාරීව ලබාගත් ඡායාරූප මේ වනවිට මුහුණු පොතේ අතිශය ජනප්‍රියය. ඥාති මිත්‍රයන්ගේ අවමානයෙන් කම්පාවට පත් ඇය මානසික රෝගියෙකි.

කාසියට හා වාසියට පමණක් දත නියවන තෘෂ්ණාධික ගහලයාට නව යෞවනය කෑදර ගොදුරකි. බොහෝ ළමා දූෂණ අපයෝජනවල විත්තිකරුවන් සමීප ඥාතීන් හා හිතවතුන්ය. සතුරා දුරසිට හඳුනාගත හැකිය. දූෂකයා හඳුනා ගත හැක්කේ සමීපතම හුදකලා නිමේෂයේදීය.

ගම්පහ මූලික රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ කඳපොළ ආරච්චි මහතා විසින් තරුණ තරුණියන් වෙනුවෙන් නොමිලේ පවත්වනු ලබන මානසික සුව සහන වැඩමුළුව අගය කළ යුතු පෞරුෂ වර්ධන සේවාවකි.

සිසුන් මධුවිතට සූදුවට නොයෙක් විෂමාචාරවලට හුරුකිරීම සඳහා සිසු සිසුවියන්ම යොදා ගනිමින් මඩිය තර කරගන්නා වැඩිහිටි පිරිසක්ද සිටී. මොවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට අපහසු වී ඇත්තේ තවමත් සමාජය මේ ගැන දක්වන උදාසීනත්වයයි. දරුවන් විසින් නරඹන රූපවාහිනි වැඩසටහන් ගැනද මවුපියන්ගේ අවධානය අවමය. දුම්රිය මාර්ගයන්හි ත්‍රාසය _ භීතිය අත්හදා බැලීමට යෑමෙන් සදාකාලික ආබාධිත වූ මෙන්ම අහිමිවී ගිය, තුරුණු ජීවිත රාශියකි. විෂය ඥානය දුර්වල සිසුවකුට අතිරේක පන්තියේ අවවාද උපදේශන දඬුවම් අවමය. දරුවාගේ අධ්‍යාපනය බුද්ධිමත්භාවය නොව දඩබ්බරකමද උපකාරක පන්ති ගුරුවරයාට එතරම් ගැටලුවක් නොවේ. ඉගෙන ගත්තද නොගත්තද කුමන අයුරකින් හැසිරුණද මාසික ගාස්තුව අයවේ නම් ටියුෂන් කඩයට එය ප්‍රමාණවත්ය.

සියනෑවේ ප්‍රබල දේශපාළුවකුට දැරිවියන් සපයන ව්‍යාපාරික නරුමයෝ ගැනද කටකතා එමටය. තම ලැගුම්හල්, ගුබ්බෑයම්. මත්ද්‍රව්‍ය ජාවාරම් නීතියේ රැහැනින් බේරාදීමට එවැනි දේශපාළුවන් ඕනෑ මොහොතක සූදානම්ය. බදුවත්ත ප්‍රදේශයේ එවැනි අසාධාරණයට ලක්වූ තම දියණිය වෙනුවෙන් පෙනී සිටි පියකුට සහාසික ලෙස පහරදුන් හිටපු ප්‍රබල දේශපාළුවකු ගැනද තොරතුරු විය.

ගම්පහ නගරය තුළ ඉඩම් හිමිකම් ලබාගැනීමට බාලිකාවන් බිලිදුන් ටියුෂන් ගුරකු ගැනද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගැත්තෙකු වූ ප්‍රධාන නායක පාසලක හිටපු ගුරුවරයෙක් පිළිබඳවද දුම්රිය ස්ථානයේදී මත්පෙති විකුණන පූජක වෙස් ගත්තෙක් ගැනත් තොරතුරු පවතී.

වයස අවුරුදු 16ට අඩු බාලිකාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සංසර්ගයේ යෙදුණ හොත් බාලිකාවක් දූෂණය කිරීමේ වරදට වසර 7කට නොඅඩුව, වසර 20කට නොවැඩි සිර දඬුවමක්ද, දඩයක් හා වන්දියක්ද ගෙවිය යුතුය. වයස 16ට අඩු බාලිකාවක් සමඟ ඇගේ කැමැත්ත ඇතිව වුවද ලිංගිකව එක්වීම ස්ත්‍රී දූෂණයක් ලෙස සැලකේ. (ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 1995 - අංක 22 දරන සංශෝධනයට අනුව 363 (ඉ) වගන්තිය)
ළමා අපචාර වෙනුවෙන් පීතෘත්වයේ සත්භාවයෙන් පෙනී සිටින නීතිවේදී මහත්වරුද, තොරතුරු සැපයීමට පසුබට නොවීය.

රාජ්‍ය සේවයේ යෙදෙන මවුපිය යුවළකගේ දියණියක් ප්‍රකාශ කර ඇත්තේ තමාට සහ සොයුරාට වෙන වෙනම කාමර හා ලැප්ටොප් ඇති බවත් ඇයට ජ්චජඥඕධධඬ මිතුරන් 200ක් පමණ සිටින බවත්, ස්කයිප් මාර්ගයෙන් එකිනෙකා ඔවුනොවුන්ගේ නිරුවත නරඹන බවත්ය. ඇයගේ නිරුවත් රූප ජ්චජඥඕධධඬ හරහා බ්ලැක්මේල් කොට, මේ වනවිට ඇය චරිත දූෂණියක් ලෙස සමාජගත වී ඇත. පරිගණකය පෞරුෂ වර්ධනයට යම් ධනාත්මක බලපෑමක් කළද සන්නිවේදනය මේ තරම් දියුණු යුගයක පරිගණක මෙවලම් සමඟ දරුවන් තනිකොට කොන් කර තැබීම මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මවුපියන් ලබාදෙන සහයෝගයක් ලෙස හැඳින්වීම වැරැදි නැත.

ප්‍රසිද්ධ ස්ථානවල රංචු ගැසෙන දරුවන්ට පොලිසිය විසින් අවවාද කරන විට සමහර වැඩිහිටියන් එවැනි සිදුවීම් මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස ප්‍රකාශ කළ අවස්ථාද ඇත. සමාජ විරෝධී ක්‍රියා සුබවාදී අයුරින් අරුත් ගන්වන එවැන්නන් ළමා අපචාර සඳහා අනුබල දෙන්නන්ය. නීති විරෝධී ජනරාශි අත්අඩංගුවට ගෙන නඩු පැවරිය හැකිය.
අපයෝජන සිද්ධි සියල්ලකම අවසාන ප්‍රතිඵලය දරුවන්ගේ අනවබෝධය ලෙස ලඝු කළ නොහැකිය. පවුලේ ජීවන පරිසරයේ බලපෑම් නිරතුරුවම තුරුණු විය අනාථ බවට පත්වීමට අනාරක්ෂිත වී ඇති බව පැහැදිලිය. දරුවා බාහිර පන්තිවලට සහභාගිවන්නේ නම් අඩුම වශයෙන් එම දිනවල පන්තිවලට සහභාගි වූයේදැයි ඉඳහිට හෝ සොයා බැලීමට මවුපියෝ උනන්දු විය යුතුය. ඔවුන්ගේ පාසල් බෑගයද සුහදව පරීක්ෂා කළ යුතුය. එක්තරා උසස් බාලිකාවක සිසුවියක් පාසල් නිල ඇඳුමින් ගෙදරින් පිටත් වී අතරමඟදී වෙනත් ඇඳුම් ඇඳ අපචාරවලට යොමු වූ අවස්ථා ගැනද තොරතුරු වාර්තා විය. විශේෂයෙන් දරුවාට අවශ්‍ය ප්‍රමාණයට වඩා මුදල් ලබාදීමද නොකළ යුතුය. දරුවන් සතුව වැඩිපුර මුදල් ඇත්නම් ඒ ගැනද අවධානය යොමුකළ යුතුය. උපක්‍රමශීලී මත් ජාවාරම්කරුවන් යහමින් දරුවන් අතට මුදල් ලබාදී සමාජ විරෝධී කාර්යයන් සඳහා දරුවන් පොලඹවා ගනී. කලකට ඉහත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් එවැනි සිදුවීමක් හෙළිදරව්වේ යැයි සැකයෙන් මවක් හා දියණියක් ඝාතනය කළ තොරතුරු මතක ඇතිවාට සැකයක් නැත.

සමාජ විරෝධී ළමා හා තරුණ පරපුර සංඛ්‍යාත්මකව වැඩිවීමක් මිස අඩුවීමක් දක්නට නොමැත. නීති වැඩිවීමද අපරාධ බහුලවීමට හේතුවකි. පොලිසිය හා අධිකරණය පමණක් නීතිය ක්‍රියාත්මක කරන තුරු බලා නොසිට පුරවැසියා සමාජ සදාචාරය වෙනුවෙන් මීට වඩා ආදර්ශවත්ව ක්‍රියා කළ යුතුය. ගනුදෙනු අතර තෙරපෙන කොල්ලකාරී අලෙවිකරණය තුළ පරමාදර්ශී පරිත්‍යාගශීලී චරිත අවමය. සිදුවීමක පසුබිම හා නිරාකරණය පිළිබඳ දැනුවත් කිරීම මාධ්‍යයයේ වගකීමකි. ළමා තරුණ අපචාර, විකාශන අකෘතීන් සමාජ යහපත වෙනුවෙන් එළිදරව් කිරීමට 'මව්බිම' දෙවරක් සිතන්නේ නැත.

ටියුෂන් තිඹිරිගෙදර කසළ අවුස්සමින් මනුසතුන් තුළ කුසල්ගති වපුරන්නට ලියුම්කරුට සහයෝගය ලබාදුන් ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂිකා, සකල දරු ප්‍රජාවේම සෙනෙහෙබර මවක් වූ සමන්තී මහත්මිය ප්‍රමුඛ පාසල් උපකාරක පන්ති ගුරුවරුන්, රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන්, සිසු දරු දැරියන්, ත්‍රීවීල් රියැදුරන්, පෞද්ගලික බස් රථ හිතවතුන්, හිතට එකඟ නොවූවත් ආර්ථික සටනට වාරු නැති අපචාරවලට සහාය දෙන සියලු සහෘදයන්ට ස්තුතිවන්ත වෙමි.

විකාශ පද්මයෝ නැසෙත් සැ¼දෑ වලා බලා....
එහෙත් උදේ පිපෙන විලේ සහස් රැසින් තෙමී....

- දරුදුක -
ඉඳුනිල් පාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්