ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල අද

  👤  3443 readers have read this article !
By mawbima 2017-08-13

ශ්‍රී ලංකා පදනම් ආයතනය මඟින් ආරම්භ කරනු ලබන දේශපාලන හා දේශපාලන නායකත්වය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උළෙල අද (13දා) පස්වරු 1.00 සිට පස්වරු 3.00 දක්වා එම ආයතනයේදී පැවැත්වෙයි.

කාලයට හා දේශයට සරිලන පරිදි සමාජ හා ආර්ථික අභිමතාර්ථ ඉටු කිරීමට අවශ්‍ය දේශපාලන නායකත්වය හා පෞරුෂය ගොඩනැඟීමේ අරමුණින් මේ පාඨමාලාව ඇරැඹීමට ශ්‍රී ලංකා පදනම් ආයතනය තීරණය කර තිබේ.

මේ අවස්ථාව සඳහා විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කතානායක කරු ජයසූරිය, විශේෂ කාර්යභාර ඇමැති ආචාර්ය සරත් අමුණුගම, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්, ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති ඉමිතියාස් බාකිර් මාකාර්, පොලිස්පති පූජිත් ජයසුන්දර, රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් සහභාගි වීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්