පළාත් ඡන්දෙ එකට තියන සංශෝධනයට ශ්‍රී ලනිපය විරුද්ධයි

  👤  3208 readers have read this article !
By mawbima 2017-08-13

දෙනගම ධම්මික රණවීර

පළාත් සභා 9හි මැතිවරණ එකවර පැවැත්වීම සඳහා වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබා නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කොට තිබේ.

ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව එම තීරණය ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
අනුර ප්‍රියදර්ශන යාපා, ආචාර්ය සරත් අමුණුගම, සුසිල් ප්‍රේම්ජයන්ත් ඇතුළු පිරිසක් ඊට ඡන්දය ලබා නොදෙන බව පැවැසූ අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමන් ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විමසූ බවත් එම සංශෝධනය වැරැදි බවට ස්ථාවරයක එම කොමිසම සිටින බවත් සඳහන් කර ඇත.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ එම පනතට 2/3 ඡන්දයක් ලබා ගැනීම අසීරු වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබේ.

පළාත් සභා එකවර පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සුදුසු බවට මෙහිදී ෆයිසර් මුස්තාපා සහ දුමින්ද දිසානායක මහත්වරු මුලදී අදහස් දක්වා ඇතත් පසුව මධ්‍යම කාරක සභාවේ බහුතර අදහසට ඔවුන්ද එකඟ වී තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්