සමෘද්ධිය කපන්නේ නෑ

  👤  3406 readers have read this article !
By mawbima 2017-08-13

පහන් විජේසේකර

සමෘද්ධි ප්‍රතිලාභය ලබන කිසිවකුගෙන් එය කපා දැමීමට හෝ අඩු කිරීමට හෝ රජය කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඍජුව ප්‍රකාශ කරයි.සමෘද්ධි ප්‍රතිලාභය හිමිවිය යුතු එහෙත් නොලැබෙන විශාල පිරිසක් රටේ සිටින අතර ඔවුන්ට අලුතින් එම වරප්‍රසාදය ලබා දෙනු විනා කිසිදු අවස්ථාවක කප්පාදුවක් සිදු නොකරන බවද ජනාධිපති සිරිසේන මහතා පැවැසීය.

රජය සමෘද්ධි ප්‍රතිලාභය කපා දැමීමට සූදානම් වන බවට විවිධ දේශපාලන උසිගැන්වීම් සිදු කෙරෙන අතර එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව පැවැසූ ජනාධිපතිවරයා වත්මන් රජය සෑම විටම ප්‍රතිපත්තිමය තීන්දු තීරණවලට එළැඹෙන්නේ පොදු ජනතාවගේ යහපත උදෙසා බවත් සඳහන් කෙළේය.
ජනාධිපතිවරයා මේ සඳහන කෙළේ ඇඹිලිපිටිය ගම්උදාව ක්‍රීඩාංගණයේ පසුගිය 11 වැනිදා පැවැති වලවේ කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු පන්දහසක් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්