දරුණු හදවත් රෝගයකින් පෙළෙන අම්බලකන්දේ හිමියන්ගේ සැත්කමට ඔබත් දායක වන්න

  👤  3778 readers have read this article !
By mawbima 2017-08-11

අරණායක - රත්න හෙම්මාතගම

අරණායක රහල බටහිර ශ්‍රී බෝධිරුක්කාරාම පුරාණ විහාරස්ථානාධිපති අම්බලකන්දේ සාසන සෝභිත හිමියෝ මේ වන විට දරුණු හදවත් රෝගයකට ගොදුරු වී සිටිති. කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍ය මුදිත් එන්. ලන්සක්කාර මහතා පෙන්වා දී ඇත්තේ උන්වහන්සේ හදිසි හදවත් සැත්කමකට භාජනය කළ යුතුව ඇති බවකි.
මේ සඳහා රුපියල් ලක්ෂ අටක පමණ මුදලක්ද වැය වෙන බැවින් ඒ සඳහා අත හිත දීමට කැමැති යම් කෙනෙක් වෙත්නම් මුදල් ආධාර අරණායක ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 1721011289 දරන ගිණුමට බැර කරන ලෙසට දායක සභාව ඉල්ලා සිටී. මේ සඳහා වැඩි විස්තර අවශ්‍ය අයට 0353951451 දරන දුරකතන අංකය අමතන ලෙස ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්