ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාපති අභාවප්‍රාප්ත වෙයි

  👤  3850 readers have read this article !
By mawbima 2017-08-11

ලංකාපුර - හෙන්රි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාපතිවරයා වූ ආර්.ඒ. සිරිසේන රණවක මහතා පෙරේදා (9දා) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
1991 පැවැති ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රථම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කොට වැඩිම මනාප සංඛ්‍යාවකින් ජය ලබා ලංකාපුර ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභාපති ලෙස පත් වී 1997 දක්වා සේවය කර ඇත. 1997 ප්‍රාදේශීය සභා මැතිවරණයෙන්ද ජය ලැබූ සිරිසේන මහතා අපරාජිතව 2006 දක්වා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කර ඇත.

මිය යන විට ඒ මහතා 87 වියේ පසුවිය.
අවසන් කටයුතු අද (11දා) පස්වරුවේ පොළොන්නරුව ආදාහනාගාරයේදී සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්