පාපැදිකරුව හැප්පූ රියැදුරා බීමතින් සිටි බව වෛද්‍යවරු සඟවලා

  👤  3798 readers have read this article !
By mawbima 2017-08-11

අනුරාධපුර - මහේෂ් විජේසූරිය

අනුරාධපුර එක්තරා රජයේ රෝහලක සේවයේ නියුතු සේවිකාවකගේ සැමියා බීමතින් රිය පදවා සිය සහෝදරයා අනතුරකට ලක් කළත් වෛද්‍යවරුන් ඔහු බීමත්ව නැති බව කියමින් සටහන් යෙදීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයට පෙරේදා (9දා) රාත්‍රියේ පැමිණිලි කර තිබේ.
අනුරාධපුර මහ විලච්චිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් 43 හැවිරිදි අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබිණි.

බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා පාපැදියේ ගමන් කර ඇති අතර බීමත් රියැදුරා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. අනතුර සිදු කළ රෝහල් සේවිකාවගේ සැමියා අධික ලෙස මත්පැන් පානය කිරීම නිසා මත්පැන් ගඳ වහනය වෙමින් රෝහල්ගත කර ඇතත් ඔහුගේ මුවින් මත්පැන් ගඳ වහනය වන බවට එම රෝහලේ වෛද්‍යවරයා සටහන් නොයෙදීම නිසා තුවාල ලැබූ පුද්ගලයාගේ සහෝදරයා ඒ පිළිබඳව රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාට පැමිණිලි කළ බව පැමිණිල්ලේ සඳහන්ය.
එහෙත් සිය සහෝදරයාව අනතුරට ලක් කළ පුද්ගලයා අනතුර කර පැය තුනකට පමණ පසුව ඔහු වෙනත් රෝහලකට රැගෙනවිත් ඔහුගේ වෛද්‍ය වාර්තාවේ බීමත්කම පිළිබඳව කිසිදු සටහනක් නොමැති වීම නිසා එම රෝහලේ වෛද්‍යවරයකුට ඒ පිළිබඳව පැමිණිලි කළත් ඔහු කිසිදු පරීක්ෂාවක් නොකර නිහඬව සිටි බවද පැමිණිල්ලේ සඳහන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්