පුළුවන්නම් ඇමැතිකමෙන් ඉවත් කරන්න

  👤  3905 readers have read this article !
By mawbima 2017-08-11

ලක්ෂ්මී ජයකොඩි

හැකි නම් තමාව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර පෙන්වන්නැයි උතුරු පළාත් ප්‍රවාහන අමාත්‍ය පී. ඩෙනීෂ්වරන් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට අභියෝගයක් කරයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට බලතල තිබේ නම් තමාව ඉවත් කළ හැකි බව පවසන ඩෙනීෂ්වරන් මහතා විග්නේශ්වරන් මහතා විනිසුරුවරයකු නම් තමන් නීතිඥයකු යැයිද කියයි.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් නුදුරේදීම අමාත්‍ය මණ්ඩලයේ සංශෝධනයක් සිදු කරන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් මේ බව කියා ඇත.
ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අතෘප්තියට පත් තමිල් අරසු කච්චි ඉදිරියේදී උතුරු පළාත් සභාවේ එකදු අමාත්‍ය ධුරයක් භාර නොගන්නා බවට ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඩෙනීෂ්වරන් මහතා සඳහන් කළේ ඕනෑම පරීක්ෂණකට මුහුණදීමට තමා සූදානම් නමුත් මේ වන තෙක් තමාට එරෙහි එකදු චෝදනාවකට වැරදිකරුවකු බවට ඔප්පුවී නොමැති බැවින් සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් නොවන බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්