25,000 රථවාහන දඩය ක්‍රියාත්මකයි

  👤  3800 readers have read this article !
By mawbima 2017-08-11

දෙනගම ධම්මික රණවීර

රියැදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියැදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තකු සේවයේ නියුක්ත කිරීම...මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීම, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම හා වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය යන වැරැදි සඳහා රුපියල් 25,000ක දඩයක් පැනවීමට රජය තීරණය කරයි.

අධික වේගයෙන් රිය පැදවීමට රුපියල් 3,000 සිට 15,000 දක්වාද, වමෙන් ඉස්සර කිරීමට රුපියල් 2,000ක් දක්වාද දඩ නියම කෙරේ.
වෙනත් තැනැත්තන් කෙරෙහි නොසැලකිලිමත්ව හෝ යුක්ති සහගත සැලකිල්ලක් නොමැතිව රිය ධාවනය කිරීමේ වරදට රුපියල් 10,000ක අවම දඩයක්ද, නියමිත වයසට අඩු වයස්කරුවන් රිය පැදවීමේ වරදට රුපියල් 30,000ක දඩයක්ද නියම කොට තිබේ.

එමෙන්ම ජංගම දුරකතන භාවිත කරමින් රිය පැදවීමේ වරදට රුපියල් 2,000ක දඩයක්ද පනවනු ලබයි.
පෙරේදා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී මේ තීරණවලට එළැඹ තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්