රවිට අස්වෙන්න මමත් කිව්වා: අර්ජුනටත් දඬුවම් ලැබේවි

  👤  4277 readers have read this article !
By mawbima 2017-08-11

'රවි කරුණානායක ඇමැතිතුමාට මේ චෝදනාව එල්ල වූ අවස්ථාවේ මමත් කිව්වා ඉල්ලා අස්වුණා නම් හොඳයි කියලා' ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
'එතුමා අද ඉල්ලා අස්වුණා. මේකෙන් තේරුම් ගන්නවා අනාගතයේදීත් මෙවැනි සිද්ධීන් ඇතිවුවහොත් තනතුරුවලින් ඉල්ලා අස්වීමට සිදුවන බව.'
'රවි කරුණානායක මහතා ඉල්ලා අස්වීම හොඳයි. මීට මාස කිහිපයකට කලින් තිලක් මාරපන ඇමැතිතුමාත් ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වුණා. දැන් යළිත් ඇමැති තනතුරක දිවුරුම් දුන්නා.'

'හොරු ආරක්ෂා කරන අයත් ඉන්නවා. කිසිම හිරිකිතයක් නැතිව හොරු ආරක්ෂා කරනවා. බැඳුම්කර සිද්ධිය ගැන මුලින්ම පැමිණිල්ලක් කළේ මම. එහි මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව මට තේරුණ නිසයි මා එසේ කළේ.'

'ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළා. ඒ කොමිෂන් සභාවේ පරීක්ෂණ අවසන් වන විට බැඳුම්කර වංචාවට සම්බන්ධ අය ගැන හෙළි වේවි. අර්ජුන් මහේන්ද්‍රන් කළ වැරැද්දට ඔහුටම දඬුවම් විඳින්න සිද්ධ වේවි.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon