රවි අස්වුණා කියලා මෝඩ චූන් ගන්න එපා

  👤  4098 readers have read this article !
By mawbima 2017-08-11

'මුදල් ඇමැතිවරයා නිධානයට බිල්ල වුණාට නිධානය කොහේද කියලා තවම සොයාගෙන නැහැ'යි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

රවි කරුණානායක මහතාට විරුද්ධව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීමට කලින් ඉල්ලා අස්වීම හොඳයි. එතුමාට ඉල්ලා අස්වෙන්න තිබුණේ මීට කලින්. එතුමාට සිද්ධ වුණේ මිනීමැරුමක් සොයන්න ගිහිල්ලා ඒ සොයන අතරතුරේ ස්ත්‍රී දූෂණයක් සිදුවීම ගැන හමුවීමයි. තවම මිනීමැරුම සොයාගෙන නැහැ.
මේ ක්‍රියාවලිය තවම අවසන් වී නැහැ. ඇමැතිවරයෙක් ඉල්ලා අස්වුණා කියලා මෝඩ චූන් වෙන්න එපා කියල අපි කියනවා.
ආණ්ඩුව ඉන්න හොරුයි, හිටපු හොරුයි දෙගොල්ලම ආරක්ෂා කරනවා. ඒකෙදි වුණේ රවි කරුණානායක ඇමැතිතුමා බිල්ලට යෑම පමණයි. අපි කියන්නේ මේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැනම පරීක්ෂණ පැවැත්විය යුතුයි කියලයි.

බැඳුම්කර වංචාවේ මේ සිදුවීම ලූනු බිකක් තරම් කියල කියනවා. එහෙනම් ලූනු ගෙඩියෙ තරම කොතරම්ද කියල හොයන්න ඕන. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලෙ සිද්ධ වෙච්ච ඒව ගැනත් සොයන්න ඕන.

මෙම ඉල්ලා අස්වීමෙන් පාර්ලිමේන්තුවේ ඉතිහාසයට යමක් එකතු වුණා. මම ඒ ගැන සතුටු වෙනවා. හොරකම් කරන අය මේ හොරකම් කරන්නේ මේ රටේ ජනතාවගේ මුදල්.

හරි හැටි පරීක්ෂණයක් කළොත් විපක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රිවරුන්ගේ මන්ත්‍රිකමත් නැති වෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්