රවිට ඕනෑම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබාදිය හැකියි

  👤  4128 readers have read this article !
By mawbima 2017-08-11

සිදත් මෙන්ඩිස්

රවි කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුවද මහ බැංකු බැඳුම්කර කොමිසමේ...සාක්ෂි මත ඕනෑම ආණ්ඩුවක් යටතේ නඩු පවරා දඬුවම් ලබාදිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය. යහපාලන ආණ්ඩුව නොමැතිව වෙනත් ආණ්ඩුවක් යටතේ එලෙස නඩු පැවැරීමේ ප්‍රතිපාදන පවතින බව පැවැසූ හෙතෙම කියා සිටියේ කොමිසම හමුවේ ඉදිරිපත් වූ සාක්ෂි රවි කරුණානායක මහතා විසින්ම තහවුරු කර ඇති බවයි.

කොමිසම හමුවේ මතුව තිබෙන කරුණු සැලකිල්ලට ගත් විට සමාජය තුළ යම් දැනුමක් පවතින පුද්ගලයකුට බැඳුම්කර වංචාව පිළිබඳව මනා අවබෝධයක් පවතින බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්