අපි අලුත් සංස්කෘතියක් ඇති කළා: හොරු තියා ගන්නේ නෑ

  👤  3960 readers have read this article !
By mawbima 2017-08-11

දයා පෙරේරා, ජේ.ටී. ද සිල්වා

'යහපාලන රජය පාර්ලිමේන්තුවට අලුත් සංස්කෘතියක්, අලුත් සම්ප්‍රදායක් ඇති කළා. ඒ ගැන අප ආඩම්බර වෙනවා.'රවි කරුණානායක ඇමැතිවරයා සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව අදහස් දක්වමින් අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී පැවැසීය.

'අපේ පක්ෂයේ උපනායක වන රවි කරුණානායක මහතා මාව සෙනසුරාදා හමුවුණා. එතුමා මා මුණ ගැහිලා මට කිව්වා තමා සිය අමාත්‍යධුරයෙන් ඉවත් වීමට තීරණය කළා කියලා. නැවත සැරයක් අඟහරුවාදා උදේ එතුමා මාව හමු වුණා. එහිදී තීරණය කළා ජනාධිපති හමුවෙලා මේ බව දැනුම් දෙන්න. ජනාධිපතිවරයා ආවේ බදාදා. මමයි රාජිත සේනාරත්න අමාත්‍යවරයායි ඉන්න අතරේ රවි කරුණානායක අමාත්‍යවරයා පැමිණ එහිදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත භාර දුන්නා.

මම හිතන්නේ අපි අලුත් සම්ප්‍රදායක් ඇති කළා. වැරැදි කළ අය අයින් වෙන්න ඕනෑ. අද මේ පරීක්ෂණයට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නෑ කියලා උදාහරණයක් ලබා දී තිබෙනවා. අපි විශ්වාසභංගය ගැන ක්‍රියා නොකළාට එදා හොරු ක්‍රියා කළේ කෙහොමද? කොහෙද එදා ඇමැතිවරු කොමිසමකට ගියා කියලා ඉවත් වුණේ. අපි අලුත් සංස්කෘතියක් ඇති කළා. අපි හොරු තියාගන්නේ නෑ. මම කාටවත් චෝදනා කළේ නෑ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා. එක්නැලිගොඩ උස්සගෙන ගියා.
රවි කරුණානායක මන්ත්‍රිතුමා තහනම් නියෝග ගත්තේ නෑ. යහපාලනයේ වෙනස මෙයයි. අද මාධ්‍යට නිදහස තිබෙනවා. එදා අපිට කිව්වා ද්‍රෝහීන් කියලා. එදා මාධ්‍යයෙන් ඉඩ දුන්නේ නෑ. දැන් හැමෝටම හොරා කියනවා. ලියන අයත් හොරු. අද තියෙන්නේ නිදහස් සමාජයක්. මෙය අලුත් යුගයක්. යහපාලනය ඇති කර පෙන්වා දී තිබෙනවා.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්