‘ආවා’ තව 3ක් අල්ලයි

  👤  3856 readers have read this article !
By mawbima 2017-08-11

චාමර අමරසූරිය

උතුරේ ක්‍රියාත්මක වන 'ආවා ගෘෘප්' සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනකු චුන්නාකම් පොලිස් වසමේ මල්වම් කනත්ත අසලදී චුන්නාකම් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් තිදෙනා එම ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරු මත පෙරේදා (9දා) රාත්‍රි 7.35ට පමණ ඔවුන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි ක්‍රිෂ්ණපිල්ලේ කිරුබාකරන් නොහොත් 'කිස්බා', මනිපායි ප්‍රදේශයේ පදිංචි තුරෙයිසිංහම් රාජ් කුමාර් නොහොත් අජිත් කුමාර් සහ එම ප්‍රදේශයේම පදිංචි රවිචන්ද්‍රන් ස්ට්‍රාලිංටන් නොහොත් 'එස්.ආර්' යන සැකකරුවන් තිදෙනාය.

මීට මාස 10කට පමණ ඉහතදී චුන්නාකම් ප්‍රදේශයේදී පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනකුට පහර දීමේ සිද්ධියටද මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධ බව පොලිසිය සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්