පැසිපන්දු ශූර කෝබ්ගේ පාවහන් යුගලයකට ඩොලර් 30,000ක ඉල්ලුමක්

  👤  3940 readers have read this article !
By mawbima 2017-08-11

ඇමෙරිකාවේ හිටපු පැසිපන්දු ශූරයකු වූ කෝබ් බ්‍රයන්ට් වෙනුවෙන් ලෝ සුපතළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදක "නයික්" සමාගමේ "එයාර් ජෝඩන් 3" සන්නාමය යටතේ නිෂ්පාදනය කළ ක්‍රීඩා පාවහන් යුගලයක් සඳහා වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් 30,000කට (රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක් පමණ) මිල නියම වී තිබෙනවා. මෙම පාවහන් යුගලය නිෂ්පාදනය කොට ඇත්තේ වසර 2002දී කෝබ් සහ නයික් සමාගම අතර ගිවිසුමකට එළඹීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබියදීයි. ඒ අතරතුර කාලයේ පැවැති තරග දෙකකදී කෝබ් දෙවතාවක් එම පාවහන් යුගල පැලඳ එහි යෝග්‍යතාව පරීක්ෂාකොට තිබෙනවා. කෙසේ හෝ එම ගිවිසුම සාර්ථක වී නැහැ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon