මීටර් 400 කාන්තා රන් පදක්කම ඇමෙරිකාවට: ඔලිම්පික් රිදී පදක්කම්ලාභී ෆෙලික්ස්ට 3වැනි තැන

  👤  3894 readers have read this article !
By mawbima 2017-08-11

බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරදී පසුගිය වසරේදී පැවැති රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී කාන්තා මීටර් 400 ඉසව්වෙන් රිදී පදක්කම දිනාගත් ඇමෙරිකාවේ ඇලිසන් ෆෙලික්ස් තෙවැනි තැනට ඇද දමමින් මේ දිනවල ලන්ඩන්හි පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇමෙරිකාවේම පිලිස් ෆ්‍රැන්සිස් සමත් වූවාය.

ඒ අනුව තත්.49.92කින් එම ඉසව්ව අවසන් කළ ෆ්‍රැන්සිස්ගේ එම කාලය මීටර් 400 ඉසව්වෙන් ඇය සටහන් කළ හොඳම කාලය බවටද පත්වූ අතර, තත්. 50.06කින් තරගය අවසන් කළ බහරේන්හි සල්වා එයිඩ් නසීර්ට රිදී පදක්කමත්, තත්.50.08කදී තරගය අවසන් කළ ඇලිසන් ෆෙලික්ස්ට ලෝකඩ පදක්කමත් හිමිවිය. මේ අතර මීටර් 400 පිරිමි කඩුලු ඉසව්ව තත්.48.35ක් ලෙස අවසන් කළ නෝර්වේහි කාර්ස්ටන් වර්හොලම්ට රන් පදක්කමත්, තත්.48.49කින් හා තත්.48.52කින් තරගය අවසන් කළ තුර්කියේ යස්මෙනි කොපෙලෝට හා ඇමෙරිකාවේ කෙරන් ලිමෙන්ට පිළිවෙළින් රිදී හා ලෝකඩ පදක්කම් හිමි වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්