ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය ලංකාව දකුණු කොරියාවටත් පරාජය වෙයි

  👤  3789 readers have read this article !
By mawbima 2017-08-11

පිලිපීනයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ජාතික කාන්තා වොලිබෝල් කණ්ඩායම ඊයේ ප්‍රබල දකුණු කොරියාව හමුවේද තරග වට 3-0ක් ලෙස පරාජය ලැබූ අතර, ඒ අනුව ඔවුන් මෙම තරගාවලියේ ලැබූ දෙවැනි පරාජයද එය විය.

පෙරේදා වියට්නාමය හමුවේද තරග වට 3-0ක් ලෙස පරාජය ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ප්‍රබල දකුණු කොරියාව හමුවේ පළමු වටය 25-14ක් ලෙස පරාජය ලැබුවද දෙවැනි වටයේදී කොරියාවට ප්‍රබල සටනක් ලබා දෙමින් ලකුණු 25-17ක පරාජයක් අත්කරගත් අතර, තෙවැනි වටයේදී 25-13ක් ලෙස පරාජය වී තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්