කවදාවත් බොරුව රජ වෙන්නේ නැහැ

  👤  3953 readers have read this article !
By mawbima 2017-08-11

බොරු නොකියපු කෙනෙක් විදියට රනිල් අවුරුදු 40කටම ප්‍රසිද්ධ වෙලා සිටි බවත් වොක්ස් වැගන් සිදුවීමත් සමඟ රනිල් වික්‍රමසිංහ යනු ජනතාවට අමූලික බොරු සපයන කෙනෙක් බවට හංවඩු ගහගත් ඇටයකු බව ඔප්පු කළ බවත් මහ බැංකු බැඳුම්කර කතාවෙන් එතුමන්ගේ අවුරුදු 40ටම නැති හොර නාමෙකුත් ගාගත් බවත් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

මන්ත්‍රිවරයා ඒ බැව් පැවැසුවේ පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩල සාමාජික බලමුළුගැන්වීම වෙනුවෙන් කුලියාපිටිය නගර ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

ආණ්ඩුවට රට දියුණු කරන්න බැරි මහින්ද ගත්තා කියන ණය නිසාලු. නමුත් මහින්ද ණය අරගෙන ණය ගෙවලා මහාමාර්ග පද්ධතිය නවීකරණය කරලා ලක්ෂ ගණනින් රැකියා අවස්ථා දීලා විතරක් නෙවෙයි සහල් රුපියල් 55ටත් දුන්නා.
රටේ හැමතැනම උද්ඝෝෂණ. ඒවා ගණනකටවත් නොගන්නා ආණ්ඩුව කියනවා ඒක තමයිලු ප්‍රජාතන්ත්‍රවාදය. පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් තමයි ඒක. මේ ආණ්ඩුව ආරම්භ කළේම මහා සංඝරත්නය හිරේ දාලා.

ආණ්ඩුවේ ආර්ථිකය වැටුණෙ රාජපක්ෂ ආණ්ඩුවෙන් ගත්ත ණය නිසා නෙවෙයි. ආණ්ඩුව ආරම්භ කරපු පළමු දින 60 තුළදී කරපු අහස පොළොව නුහුලන මහ බැංකු හොරකම නිසා. ඒක නිසා තමයි මිනිස්සු අනාථ වෙලා ඉන්නෙ. හොරා හොරා කිව්වා මහ ලොකුවට රාජපක්ෂ මහත්තයාට. ජනාධිපති කොමිසමෙන් රවි කරුණානායක මාස තුනක් ඇතුළත හොරෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් වුණා නම් කෝ ඉතින් රාජපක්ෂල හොරු කරන්න දැන් වසර දෙකකට ආසන්න වෙලත් බැරි වෙලා තියෙනවානෙ. ඒකයි කියන්නෙ කවදාවත් බොරුව රජ වෙන්නෙ නැහැයි කියල. රාජ්‍ය මාධ්‍ය මංගල සමරවීට භාරදීලා. එයා ඉතින් එක එක වැඩසටහන් ප්‍රවෘත්ති මැද්දෙන් දාලා මඩ ගහනවා. දිට්ඨධම්මවේදනීය කර්මය පළිසන් දීලා වගේ ලොකු ලොකු හොරු ආණ්ඩුවෙන්ම එළියට එනවා. රටක් බේරගත්ත රටක් වටින නායකයකුට මඩ ගහපු නිසා තමයි ඔවුන් පත් කරපු කොමිසමේ ඔවුන්ම හොරු බවට පත්වෙලා තියෙන්නෙ.

කොල්ලො කෙල්ලන්ට රැකියා දස ලක්ෂයක් දෙනවා කිව්වා. ලැබුණද නැද්ද කියලා තමුන්නාන්සෙලාම දන්නවා. අනෙක් අය බලන් හිටියා ෆී්‍ර වයි ෆයි ගන්න. කොහෙ ගන්නද. හරින් මහත්තයා අරින අරින බැලුමෙ හුළං යනවා.

ගිරිඋල්ල _ ඔවින් කෞශල්‍ය
කුලියාපිටිය _ එස්. ඒකනායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon