ගෝල්ෆේස් පිටියේ අරක්කු බී කණුවක නැග්ග පුද්ගලයා අද දක්වා රිමාන්ඩ්

  👤  3809 readers have read this article !
By mawbima 2017-08-11

අමිල අබේරත්න

අරක්කු බී කොළඹ ගෝල්ෆේස් පිටියේ කණුවක නැඟ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයකු අද (11දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
කොටුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ විත්තිකරුට එරෙහිව ඒ හා සමාන තවත් නඩු දෙකක් ඇත.
එම නඩු අරක්කු පානය කර ලයිට් කණුවලට නැඟ සිටීමේ සිද්ධීන් සම්බන්ධ නඩු වේ. විත්තිකරු කොම්පඤ්ඤවීදියේ පදිංචි ඒ.ජී. අජිත් නමැත්තෙකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්