ජංගම දුරකතනය ගැන විදුහල්පති මවුපියන්ට දැන්වීමෙන් සිත් තැවුලට පත් සිසුවිය ගඟට පැන දිවි නසාගෙන

  👤  3976 readers have read this article !
By mawbima 2017-08-11

මාතර - උදය කුමාර රණවීර අකුරැස්ස - එස්. රණවීර

තම ජංගම දුරකතනය පාසලේ විදුහල්පතිට හසුවීම නිසා තම මවුපියන් පාසලට පැමිණ දුරකතනය රැගෙනයන ලෙසත්, මවුපියන් පාසලට පැමිණීම අනිවාර්ය යැයි පණිවුඩයක් නිවෙසට එවීම නිසා සිත් තැවුලට හා කලබලයට පත් පාසල් සිසුවියක් තිබ්බටුවාව පාලමෙන් පැන දිවිනසාගෙන ඇත. පෙරේදා (10දා) සවස අකුරැස්ස පොලිසියට ලැබුණු නිර්නාමික දුරකතන ඇමැතුමකට වහා පොලිසිය ක්‍රියාත්මක වී ඇත. පොලිසිය එම තිබ්බටුවාව පාලම අසලට ළං වනවාත් සමඟ ඇගේ බෑගය ජලයේ පාවෙනු දුටු පොලිසිය එය රැගෙන ඇත.

එම බෑගයේ තිබුණු ජාතික හැඳුනුම්පතට අනුව ජේ.කේ. තරුෂි සඳරුවනි යනුවෙන් හඳුනාගෙන ඇත. ඇය මෙවර අ.පො.ස. සා.පෙළට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යාවකි. අකුරැස්ස පොලිසිය හා නාවික හමුදාව සිරුර සොයා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර ඊයේ සවස ඇයගේ සිරුර සොයා ගැණින. ප්‍රදේශවාසීන් පවසන්නේ කිඹුලන්ගේ පාරාදීසයක් ලෙස පෝරඹ ගඟ සැලකෙන බවයි. ඇය අකුරැස්ස පෝරඹ ප්‍රදේශයේම පදිංචිකාරියකි. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.කේ.ඒ.ඒ. නිශ්ශංක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ මෙහෙයවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්