දූෂිතයන් රොත්තක් ඒකාබද්ධයේ ඉන්නවා

  👤  3830 readers have read this article !
By mawbima 2017-08-11

පසුගිය රජය යටතේ මාලිගා තැනූ සහ විවිධ ව්‍යාපාර කළ දූෂිතයන් පිරිසක් ඒකාබද්ධ විපක්ෂය තුළද සිටින බව කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වසන්ත අලුවිහාරේ මහතා පවසයි.
පසුගිය ආණ්ඩුව යටතේ මැති ඇමැතිකම්වලට මුවා වී මහා පරිමාණ වංචා දූෂණ සිදු කර අද ඒකාබද්ධ විපක්ෂයට වී සිටින වැඩි දෙනෙක් තමන්ගේ වැරැදි වසා ගැනීමට වත්මන් ආණ්ඩුවට විවිධ අපවාද නඟමින් කරගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට කටයුතු යොදමින් සිටින බවද අලුවිහාරේ මහතා මාතලේ අලුවිහාරේ පිහිටි කාර්යාලයේ පැවැති රැස්වීමකදී පැවැසීය.

පසුගිය රජය සමයේ ජනතා මුදල්වලින් මාලිගා තැනූ මැති ඇමැතිවරුන් විවිධ ව්‍යාපාර සිදු කළ උදවිය ඉන්නවා. ඇතැම් අයට විරුද්ධව නඩු පවතිනවා. මේ අය රජයට පමණක්ම ඇඟිල්ල දිගු කරනවා. මේ නිසා අපි කියනවා ඒ අයට විරුද්ධව ක්‍රියාමාර්ග කඩිනම් කරන්න කියලා. පසුගිය කාලයේ සිදු වුණු දේ ගැන සොයන විට ඒවා දේශපාලන පළිගැනීම් කියනවා. නමුත් වත්මන් යහපාලන රජය මේ සියල්ල කරන්නේ රටේ ජනතාවගේ යහපතටයි. යහපාලන ආණ්ඩුව වැරැදි කරන පිරිස් ආරක්ෂා කරන්නේ නැහැ. අද රටේ නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක වෙනවා. පසුගිය කාලයේ එසේ සිදු වූයේ නැහැ. පසුගිය කාලයේදී සිදු කරපු මහා පරිමාණ වංචා, දූෂණ ගැන කතා කරන විට ඒවා පරීක්ෂණය සිදු කරන කොට දේශපාලන පළිගැනීම් කරනවා කියා කෑ ගහනවා. අපි කැපවීම් සිදු කර පසුගිය ජනාධිපතිවරණයේදී රටට අලුත් ජනාධිපතිවරයෙක් පත් කළෙත් අගමැතිවරයෙක් පත් කළෙත් මෙරට සංවර්ධනය කරා රැගෙන යන්නයි. නමුත් මේ ඒකාබද්ධ විපක්ෂය යැයි අටවාගත් කණ්ඩායමක් විසින් ඒ සියල්ල කඩාකප්පල් කිරීමට මාන බලමින් සිටිනවා. ඒවාට අපි නොබියව මුහුණ දිය යුතුයි. ආණ්ඩුවත් ජනාධිපති හා අගමැති ආරක්ෂා කරන්න අපි දිවි හිමියෙන් කැප වී සිටිනවා.

මාතලේ - හේවා පී. කරුණාරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්