ශ්‍රී ලනිප නායකයන් අපේ අදහස් පිළිගන්නේ නැහැ

  👤  4059 readers have read this article !
By mawbima 2017-08-11

නිදහස් පක්ෂ නායකයන් තම අදහස් පිළිනොගන්නා තත්ත්වයක් උදාවී ඇති බවත්, සුදුසු කාලය පැමිණි මොහොතක නොබියව සෘජු තීරණයක් ගැනීමට සූදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (10දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් පක්ෂයක් ලෙස සියලු කරුණු මධ්‍යම කාරක සභාව තුළ සාකච්ඡා කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා,

රජය සතු දේපළ කළමනාකරණය කර ගැනීමට නොහැකිව ඒවා වෙන වෙන අයට විකිණීම, පැවැරීම ගැන කනගාටු වෙන්න ඕනි. ලංකාවට පවරා ගත් කච්චතිව් දූපත හෙට අනිද්දා දෙයිද දන්නේ නැහැ. සිරිමා මැතිනිය හැම මොහොතකම අස්සන් කළේ රටට වැඩදායි ගිවිසුම්. චීනය සමඟ පළමුව සබඳතා ඇති කරගත්තේ නිදහස් පක්ෂයයි. ඉන්දියාව සමඟ සිරිමා - ශාස්ත්‍රි ගිවිසුම, චීනය සමඟ ඇති කරගත් රබර් - සහල් ගිවිසුම එතුමිය අස්සන් කළේ ලංකාවට වාසි වන විදියටයි. චන්ද්‍රිකා මැතිනිය නෙළුම් පොකුණ පවර ගත්තා. රට විකුණන ප්‍රතිපත්තියට මමවත් නිදහස් පක්ෂයවත් එකඟ නැහැ. රට ගැන හිතලයි පක්ෂ නායකයන් වර්තමානයේ තීන්දු ගත යුත්තේ. ෂැංගි්‍රලා හෝටලට ඉඩම් විකුණපු ක්‍රමයයි හම්බන්තොට වරාය පවරපු විදියයි අතර බරපතළ ගැටලුවක් තියෙනවා. මේ සියලු දේ මම කියන්නෙ නිදහස් පක්ෂ මූලස්ථානයේ ඉඳලයි. පක්ෂ නායකයන් මේ ගැන අවධානය යොමුකළ යුතුයි.

එක්සත් ජාතික පක්ෂය සුපුරුදු විදියට රටේ සම්පත් විකුණන්න පටන් අරගෙන. ඒ අය අතීතයේ කළෙත් ඔය දේමයි. කැබිනට් මණ්ඩලයේ සාමූුහික වගකීමක් තිබෙනවා. නමුත් අපි මේ දේවල් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී කියල තියෙනවා. බලන්න බැඳුම්කර සිද්ධිය. මේ රටේ සමස්ත ආර්ථිකයටම බලපෑමක්. ඒක තේරුම් ගත යුතුයි.
සයිටම් අර්බුදය දිගින් දිගටම ගැටලුකාරී තත්ත්වයට පත්කරලා, ඊට විසඳුම් ලබානොදී සිටීමට ආණ්ඩුවට හැකියාවක් නැහැ. ඒ නිසා මම යෝජනා කරවා සයිටම් වසාදමා රජයේ වෛද්‍ය විද්‍යාලවල සිසුන්ට සාධාරණය ඉටුකරන්න කියලා. මේ දරුවන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මාස 6කට වැඩි කාලයක් මහ පාරේ ඇවිදිනවා. මේක වගකිව යුතු අයගේ මඟහැරීම් නිසා උද්ගත වූ ප්‍රශ්නයක්. දෙවැනුව සයිටම් සිසුන්ටත් සාධාරණයක් ඉටු කරන්න. රජයේ විශ්වවිද්‍යාල ශක්තිමත් නොකර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ප්‍රතිපාදන ලබාදීම බරපතළ ගැටලුවක්. උඩුගම් බලා පීනන්න බෑ කියලා කල්පනා කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන මත 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් සහ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බව මගේ විශ්වාසයයි.

පළාත් සභා මැතිවරණය කල් දැමීම ගැන මම පෞද්ගලිකවම කැමැති නැහැ. එකම දිනයකදී මැතිවරණය පැවැතිවීමේදී මුදල් ඉතිරියක් සිදුවුවත් එය කළමනාකරණය ගැන ගැටලුවක් වෙනවා. එහෙම වුණොත් 2019දී තමයි මැතිවරණය තියන්න වෙන්නේ. පළාත් සභා මැතිවරණය හෝ කිසිම මැතිවරණයක් කල් නොදැමිය යුතුයි. මොකද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආණ්ඩුව ගරුකළ යුතුයි.

මේ සියල්ල සලකා බලද්දී මම කියන්න කැමැතියි ආණ්ඩුවේ බොහෝ කරුණු සම්බන්ධයෙන් යහපාලනයක් නැහැ කියලා.
සිදත් මෙන්ඩිස්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon